දහසක් ගණන් මගී ජනතාව අනතුරේ හෙලූ දුම්රිය අවුලට මුල මංගලගේ මොංගල් වැඩ..!
දුම්රිය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩි කිරීම සඳහා පසුගියදා විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් දැක්වූ විරෝධතාවය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඉවත් දැමීම හේතුවෙන් ඊයේ (08) හදිසි දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක විය. සේවකයින් 300කට අඩු පිරිසකට ලබාදිය යුතු වැටුප් වර්ධකයක් මුදල් අමාත්‍යවරයාගේ අමන්‍යෝන ක්‍රියාකලාපය තුලින් ලබාදීම නොදීම හේතුවෙන් ඊයේ(08) මෙලෙස දස දහස් ගණනක මගී ජනතාව …
Continue Reading
අධිකරණයට අපහාස කර දඬුවම් නියම වූ චීවරදාරී ඥානසාර හිමි යළි සිරදඬුවමින් බේරෙන්න දගලයි
අධිකරණයට අපහාස කළ බවට චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් චීවරදාරී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම …
Continue Reading
දැනට 4කට මරු කැඳවා ඇති සාදය පිටුපස ප්‍රබල ඇමතිවරයෙක්! ආරක්ෂක අංශ නිහඬයි
වාද්දුවේ සාදය සංවිධානය කිරීම පිටුපස කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ඇමැතිවරයකු සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක කළුතර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (07) පැවැසීය. මෙම සාදයේදී විෂ ශරීර ගතවීම නිසා තරුණයන් සිවු දෙනකු මියගොස් ඇතත් ඊයේ වන තෙක් එය සංවිධානය කළ කිසිවකු අත්අඩංගුවට නොගැනීම මෙයට ප්‍රබල සාක්‍ෂියක් බවද ඊයේ ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවැසීය. …
Continue Reading
සමාජ ජාල මාධ්‍ය ගැන බුද්ධි අංශ සීරුෙවන්!
මෙරට සමාජ මාධ්‍ය තුළ ඇති විපර්යාසයන් කෙරෙහි යුධ හමුදා බුද්ධි අංශ අවදියෙන් බලා සිටින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. සමාජ මාධ්‍ය හරහා සිදු වන විවිධ වූ කරුණු සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශ විශේෂයෙන් අවධානය යොමු කැර ගෙන සිටින්නේ එම සමාජ මාධ්‍ය ජාලා මඟින් විවිධ ආකාරයේ දේවල් පළ කරන අතර ඒ පිළිබඳ අවබෝධයක් ඇති කැර ගැනීම සහ …
Continue Reading
වැඩකරන ජනතාවගේ EPF ඩොලර් මිලියන 4 ක් වතුරේ..
ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන සේවක අර්ථසාධක අරමුදල විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්‌වල ඇමෙරිකානු ඩොලර් මිලියන හතරක මුදලක් ආයෝජනය කර ඇති අතර එම ආයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ අනුමැතියක්‌ද ලැබී නැතැයි එම සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර්Êමහත්මිය ඊයේ (06 දා) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් …
Continue Reading
ගැටුම එළිපිට; අගමැති රනිල්, ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩසටහන් මඟ අරී.. (විශේෂ)
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන ගමනට අදාළ වන වැඩ සටහන් වලට සහභාගී වීම මඟ අරින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් යහපාලන රජයේ 2030 ඉලක්ක කරගත් “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීම” මැයෙන් ඊයේ(06) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවති උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට තිබුණද …
Continue Reading
වෛද්‍ය සභාව අහෝසි කිරීමේ සැලැස්මක්!
වෛද්‍ය සභාව අහෝසි කළහොත් ඉතිහාසයේ දැවැන්තම වෛද්‍ය වැඩ වර්ජනය පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියකින් කරුණු දැක්‌වූ බව ද ලේකම්වරයා සඳහන් කළේය. වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ උත්සාහය සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ බව …
Continue Reading
විමල්ට එරෙහි නඩු ඇසීමට දින නියම කරයි
රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය. මෙම නඩුව අද(06) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නඩුවට අදාළ පරිගණක …
Continue Reading
වෙල්ගමගෙන් පහ පාස් මහින්දානන්දට කිසිකන පහරක් (වීඩියෝ)
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (05) කුමාර වෙල්ගම මහතා ප්‍රතිචාර දැක්වීය. අද පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading
ජනාධිපති නිකම්ම නිකම් උත්සව සැරසිල්ලක් වගේ; මේ අවුලට මුල අගමැති – පූජ්‍ය අතුරලියේ රතන හිමි
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති උපදේශක තනතුරින් ඉවත් වන බව පසුගියදා ප‍්‍රකාශ කර සිටියහ.උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එම තනතුරේ සිටීමත් ලැජ්ජාවක් බවත් තමන් වහන්සේගෙන් අදාළ පාර්ශව ගත් උපදෙසක් නැති බවත්ය. ඒ පිළිබඳව මෙන්ම, වස විස නැති ගොවිතැන සහ සමුපකාර සංවිධානයේ වෙදිකාවට ගොඩවීම පිළිබඳව උන්වහන්සේගෙන් විමසා සිටියෙමු.පහතින් පෙළ ගැසෙන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සමඟ කළ සාකච්ඡාවයි. ප‍්‍රශ්නය – අවසරයි අපේ …
Continue Reading