වෙල්ගමගෙන් පහ පාස් මහින්දානන්දට කිසිකන පහරක් (වීඩියෝ)

Spread the love

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (05) කුමාර වෙල්ගම මහතා ප්‍රතිචාර දැක්වීය.

අද පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් කතා කර වැඩක් නැති බවත් ඔහු විකටයෙකුගේ චරිතය රඟපාන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියේ එදා මධ්‍යම කාරක සභා රැස්වීමේදී නැගිට ප්‍රකාශයක් කිරීමට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොන්දක් නොතිබූ බවයි.

එසේම එදා නුගේගොඩ රැස්වීමේ වේදිකාවට ගොඩවීමටද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොන්දක් නොතිබූ බවද කුමාර වෙල්ගම මහතා පැවසීය.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් වශයෙන් අවුරුදු 36 ක කාලයක් කටයුතු කර ඇති බවත් එම කාලය තුළ මහජනතාවට කිසිඳු වැරදි ප්‍රකාශයක් සිදු කර නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RSL

Related Posts