පොලිස්පති පූජීත් ජයසුන්දරට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපතිගෙන් නියෝග

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් කඩිනමින් සිදු කරන ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත. එකී වාර්තා අධ්‍යයනය කර ඇති නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට ලිපි දෙකක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, පොලිස්පතිවරයාට එරෙහිව පූර්ණ අපරාධ …

Continue Reading

ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කරද්දී තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කර ඇතිබවට හෙළිවෙයි

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති …

Continue Reading

අද ජනතාවට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ..

“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ නැහැ. රටට ආදරයක් තියෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තෝරාගෙන එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් දිනන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. අද ජනතාවට …

Continue Reading

ඥානසාර හිමි නිදහස් කරන්න ජනපති මෛත්‍රී අත්සන් තබයි!

අධිකරණයට අපහාස කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාවලට වරද කරුවකු වී බන්ධනාගාරව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාල ලිපියට ජනාධිපතිවරයා අත්සන් කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.‍‍ මේ අනුව හෙට හෝ නුදුරු දිනකදී ඥානසාර හිමියන් නිදහස්ව යළි කරලියට පැමිණෙනු ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

Continue Reading

හදිසි විදුලි මිලදී ගැනීමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විදුලිබල ක්ෂේත‍්‍රයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස ලබන වසරේ මැයි මාසය දක්වා බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වර්තමානයේ ඇතිවී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත්කර ඇති අමාත්‍ය කමිටුව මගින් නිර්දේශ කර …

Continue Reading

මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..

පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. …

Continue Reading

මෛත්‍රී-සජිත් භාරකාර ආණ්ඩුවකට සැලසුමක්!

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරමින් භාරකාර ආණ්ඩුවක් ඇති කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සැලසුම් කර ඇති බව වාර්තාවේ. පවත්නා තත්ත්වය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පලූදු වී ඇතැයි හේතු දැක්වීමක් කරමින් සජිත් පේ‍්‍රමදාස යටතේ භාරකාර ආණ්ඩුව ස්ථාපනය කිරීම සැලසුම වී ඇතැයි වාර්තා වේ. භාරකාර ආණ්ඩුව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටද ඇමති ධුර …

Continue Reading

විශ්වාසභංග සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ

විශ්වාසභංග ඉදිරිපත් කිරීමට පෙර වර්තමානයේ රටේ පවතින ගැටලුවලට තම පක්ෂය ගෙන ආ නීති සංශෝධනය කිරීම කාලෝචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එහිදි අමාත්‍යවරයා පැවසුවේ පුද්ගලික හා පක්ෂ න්‍යාය පත්‍ර තිබෙන නමුත් අවශ්‍ය වන්නේ රටට පොදු න්‍යාය පත්‍රයක් බවයි. විශ්වාසභංග යොජනා ගෙන එමට පෙර …

Continue Reading

මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන්ගේ DNA ඥාතීන් සමඟ සැසඳෙයි; රජයේ රස පරීක්ෂක තහවුරු කරයි

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් සියලූ දෙනාගේ ඞීඑන්ඒ සාම්පල ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ගේ ඞීඑන්ඒ සාම්පල සමග සැසෙදන බව රජයේ රස පරීක්‍ෂකවරයා විසින් තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ දෙකක් ගෙන ආ අතර, එයින් එක් පිපිරීමක් සිදු කරන ලද මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් හා …

Continue Reading

පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදීන් 04 ක්..!

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තවුහිද් ජමාත් ත‍්‍රස්ත කණ්ඩායමට අයත් තවත් සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටි නවුෂාඞ් නමැත්තා සහ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි සහජාන් නමැති තවුහිද් ජමාත් සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තුවේ සේවය කරන තවුහිද් ජමාත් සංවිධානයේ තවත් සාමාජිකයන් පිරිසක් පිළිබදව තොරතුරු හෙළි වී …

Continue Reading