ඥානසාර හිමි නිදහස් කරන්න ජනපති මෛත්‍රී අත්සන් තබයි!

Spread the love

අධිකරණයට අපහාස කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාවලට වරද කරුවකු වී බන්ධනාගාරව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාල ලිපියට ජනාධිපතිවරයා අත්සන් කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.‍‍

මේ අනුව හෙට හෝ නුදුරු දිනකදී ඥානසාර හිමියන් නිදහස්ව යළි කරලියට පැමිණෙනු ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

RSL

Related Posts