මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන්ගේ DNA ඥාතීන් සමඟ සැසඳෙයි; රජයේ රස පරීක්ෂක තහවුරු කරයි

Spread the love

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් සියලූ දෙනාගේ ඞීඑන්ඒ සාම්පල ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ගේ ඞීඑන්ඒ සාම්පල සමග සැසෙදන බව රජයේ රස පරීක්‍ෂකවරයා විසින් තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ දෙකක් ගෙන ආ අතර, එයින් එක් පිපිරීමක් සිදු කරන ලද මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් හා කොළඹ සිනමන්ඩ් හෝටලයේ පිපිරීම සිදු කර ඇති මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ්ය න ඊබ්‍රාහිම් යන අයගේ පුතුන් දෙදෙනා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

මෙම මරාගෙන මැරුණ බෝම්බකරුවන්ගේ DNA ඔවුන්ගේ පියාගේ DNA සමඟ ගැළපී ඇති බව ද රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයා වන අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් යන අයගේ හා ඔවුගේ ‍දෙමාපියන් සමඟ ද DNA ගැලපී ඇත.

කොච්චිකඩේ මරාගෙන මැරෙන ප්‍රහාරකයා වන අලව්දීන් අහමඩ් මුවාත් යන අයගේ ද දෙමාපියන්ගේ DNA සමඟ ගැලපී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර, දෙහිවල ටොපිකල් ඉන් නැමති ලැඟුම් හලේ මරාගෙන මැරෙන ප්‍රහාරකයා වන අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් යන පුද්ගලයාගේ DNA ඔහුගේ දරුවාගේ හා බිරිඳගේ DNA සමඟ සැසදී තිබේ.

මඩකලපුව දේවස්ථානයේ ප්‍රහාරකයා වන මොහොමඩ් නසාර් මොහොමඩ් අසාත් යන අයගේ මවගේ DNA සමඟ ගැලපී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

මේ අතර, කිංස්බරි හෝටලයේ ප්‍රහාරකයා වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයගේ DNA ද දරුවා හා බිරිඳ සමඟ ගැලපී තිබේ.

දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක තුළ පිපිරීමක් සිදු කර ගත් මොහොමඩ් ෆාතිමා ජිෆ්රි යන තැනැත්තිය ෂැංගිලා හෝටලයේ බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් නැමැත්ගේ බිරිඳ බවත් දෙමටගොඩ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වු දරුවන් තිදෙනා ඔවුන්ගේ බවත් නිකුත් කරන ලද රස පරීක්ෂණ වාර්තාව අනුව තහවුරු වී ඇතැයි ද රුවන් ගුණසේකර මහතා පැවසීය.

ෂැංග්‍රිලා හෝටලයේ එක් පිපිරීමක් සිදුකල පුද්ගලයා වන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිඳගේ හා දියණියගේ DNA සමඟ සැසඳෙන බවත් පවසා සිටි මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ අනුව මොහොමඩ් සහරාන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වු බව ද තහවුරු කර තිබේ.

ඒ අනුව බෝම්බකරුවන්ගේ DNA ඥාතීන් හා සැසදෙන බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද නිල වශයෙන් දැනුම් දී ඇත.

Loading...

RSL

Related Posts