ඇන්ගෝලාවේ ගුවන් අනතුරෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (14 සැප්.) ඇන්ගෝලාවේ ගුවන් හමුදා යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෝ 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර තවත් හය දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර ප්‍රධාන ගුවන් නියමුවා සහ සහයක නියමුවා ද ඊට අයත් වෙති. ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වුවන්ගෙන් තිදෙනෙකු හමුදා ජෙනරල්වරුන් වේ. අප්‍රිකානු මහද්වීපයේ විශාලතම හමුදා සහ ගුවන් හමුදා බල ඇණි සතු රාජ්‍යයක් ලෙස ඇන්ගෝලාව සැලකේ. …

Continue Reading

ඇමෙරිකාවේ උද්ධමනය නැවත ඉහළට

2009 දී 14.3% වූ ඇමෙරිකාවේ දරිද්‍රතාවය 2010 වන විට 15.1% දක්වා තවදුරටත් ඉහළගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. 2010 ප‍්‍රතිශතය 1983 න් පසුව වාර්තා වූ ඉහළම දරිද්‍රතා ප‍්‍රතිශතය ලෙසද සැලකේ. එමෙන්ම පසුගිය සිවු වසර පුරාවටම ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහළගොස් තිබේ. පසුගිය වසර වන විට ඇමෙරිකාවේ දරිද්‍රතාවය මිලියන 46.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සමස්ථ ජනතාව හා සැසඳීමේ දී පුද්ගලයන් සය …

Continue Reading

සිගරට් කොටයක් නිසා හටගත් ගින්නෙන් පුද්ගලයන් 100 කට වැඩි ගණනක් මරුට

පසුගිය දා (12  සැප්. ) කෙන්යා මාධ්‍ය වාර්තා කළේ, සිගරට් කොටයක් කසල කාණුවකට දැමීමෙන් පෙට්‍රල් නළ පද්ධතියක් සමග මුසුවීමෙන් හටගත් ගින්නක් හේතුවෙන් කෙන්යාවේ නියිරෝබි අගනුවර පිහිටි පැලපත් නිවාස පෙළක පුද්ගලයෝ 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. ගින්නෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට බලධාරීන් බිය පළකරන අතර ඇතැම් වාර්තා සඳහන් කරන්නේ ජීවිතක්ෂයට පතු වූ ගණන 150 ක් පමණ …

Continue Reading

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ ක්‍රියා

විදෙස් වාර්තා පවසන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ අයුරින් උද්ඝෝෂණ ව්‍යාප්ත වී ඇති බවත් තානාපති කාර්යාලය වටකළ උද්ඝෝෂකයින් එහි තාප්පය බිඳ දැමූ බවත්ය. තානාපති කාර්යාලයේ ඉහළ මාලන්හි කවුළු තුළින් විවිධ ලේඛන පිටතට විසිකරනු දුටු බව ප්‍රදේශවාසීන් උපුටා දක්වන රොයිටර් වාර්තා කළේය. කුපිත වූ උද්ඝෝෂකයින් ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට නතර කර තිබු මෝටර් රථ 4කට ද ගිනිතබා තිබේ. …

Continue Reading

චිලී ගුවන් අනතුරෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට

පැසිපික් සාගරයේ රටවල් පෙළකට ගමන් ගත් චිලී ගුවන් සේවාවේ ගුවන් යානයක් සිකුරාදා අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් විසිඑක් දෙනාම මියගිය බව එරට ආරක්‍ෂක අමාත්‍යාංශය සෙනසුරාදා (03 සැප්.) පැවැසීය. සිකුරාදා (02 සැප්.)  රාත්‍රියේ සිට මියගිය අයගේ සිරුරු සොයා රොබින්සන් කෲසෝ දූපත අවට විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ගුවන් යානයේ සුන්බුන් කොටස් කිහිපයක් සොයාගැනීමට හැකිවී ඇති අතර, දැනට සොයාගෙන ඇත්තේ මළ සිරුරු හතරක් පමණි. …

Continue Reading

කැරළිකරුවන්ගේ මී ළඟ ඉලක්කය ගඩාෆි උපන් නගරය වන සර්ත්

ගඩාෆි උපන් නගරය වන සර්ත් රැකගැනීම සඳහා 20,000ක සන්නද්ද බල ඇණියක් සුදානම් බව කර්නල් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් පවසයි. සර්ත් නගරය ලිබියානු කැරළිකරුවන්ගේ මී ළඟ ඉලක්කය වී තිබේ. ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා කැරළිකරුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටි‍න්නේ,  සර්ත් අත්පත් කර ගැනීමට උත්සහ කළ හොත් ඔවුන්ට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි. අරාබි රූපවානී නාලිකාවකට …

Continue Reading

ගඩාෆි පවුල සතු පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කැරළිකරුවන් අතට

හිටපු ලිබියානු නායක ගඩාෆිගේ පුත්‍රයෙක්වූ මුටාසිම් ගඩාෆිගේ පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කාමර 50කින් සමන්විත බව අනාවරණය වී ඇත. මෙය නැගෙනහිර ට්‍රිපොලිහි පිහිටා ඇත. මෙම සංකීර්ණයේ සියලු අති නවීන පහසුකම් ඇතුළුව න්‍යෂ්ටික බලාගාරයක්ද ඇති බවට විශ්වාස කෙරේ. ඇතැම් අය පවසන්නේ මෙය මුවමර් ගඩාෆිගේ නිවස බවයි. මෙම සංකීර්ණය දැන් කැරලිකරුවන්ගේ ග්‍රහණයට පත්වී ඇති අතර, ඒ. එෆ්. පී. මාධ්‍යවේදීන්ට එය දැක බලාගැනීමට …

Continue Reading

කුරුළු උණ යළිත් හිස ඔසවයි

කුරුලු උණ යළිත් ආසියානු කලාපය තුළ පැතිර යමින් පවතින බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවයි. විශේෂයෙන්ම චීනය, වියට්‌නාමය, තායිලන්තය, මලයාසියාව හා කාම්බෝජය යන රටවල මෙය පැතිර යැම ආරම්භව ඇති අතර මේ වන විට අටදෙනකු කුරුලු උණ රෝගයෙන් මේ වසරේ මියගොස්‌ ඇත. 2003 වසරේ සිට මේ දක්‌වා කුරුලු උණ රෝගයෙන් මියගිය මිනිසුන් සංඛ්‍යාව 331 ක්‌ වන අතර කුරුලු උණ රෝගය නිසා …

Continue Reading

ජපානයේ නව අගමැති යොෂිහිකෝ නෝඩෝ

ජපානයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවති දෙවන වටයේ නායකත්ව ඡන්ද විමසීමෙන් ජය ලබමින් ජපාන මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය යොෂිහිකෝ නෝඩෝ අද (30 අගෝ.) තේරී පත්විය. යෝෂිහිකෝ නෝඩෝ වසර 5ක් තුළ ජපානයේ තෝරාගනු ලැබූ 6වෙනි අග්‍රාමාත්‍යවරයා වේ. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීමට සිදුවුණේ දුර්වල කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වූ අග්‍රාමාත්‍ය නෞටෝ ඛාන් ඉල්ලා අස්වීම හේතුවෙනි. යෝෂිහිකෝ නෝඩා සහ …

Continue Reading

නයිජීරියාවේ ජල ගැලීම්වලින් ජීවිත හානි වැඩිවේ

නයිජීරියාවේ ජල ගැලීම්වලින් පුද්ගලයින් 98දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ එරට ඉබාදාන් නගරයේදි මේ ජීවිත හානි සිදුව ඇති අතර සහන සේවකයින් සිරුරු සෙවීමේ කාර්යයේ නිරතව සිටින බවයි. ජල ගැලීම් හේතුවෙන් 2,000 ක පමණ පිරිසක් ඉබාදාන් නගර‍යේ අවතැන්ව සිටී.

Continue Reading