ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ ක්‍රියා

Spread the love

විදෙස් වාර්තා පවසන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ අයුරින් උද්ඝෝෂණ ව්‍යාප්ත වී ඇති බවත් තානාපති කාර්යාලය වටකළ උද්ඝෝෂකයින් එහි තාප්පය බිඳ දැමූ බවත්ය.

තානාපති කාර්යාලයේ ඉහළ මාලන්හි කවුළු තුළින් විවිධ ලේඛන පිටතට විසිකරනු දුටු බව ප්‍රදේශවාසීන් උපුටා දක්වන රොයිටර් වාර්තා කළේය. කුපිත වූ උද්ඝෝෂකයින් ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට නතර කර තිබු මෝටර් රථ 4කට ද ගිනිතබා තිබේ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ තානාපතිවරිය සිය පවුල සහ කාර්ය මණ්ඩලය ප්‍රමුඛ පිරිස දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගමන් කළ බවත් ඔවුන් ඊජිප්තුවෙන් පිටවීමට සූදානම් බවත් වාර්තා වේ.


 

RSL

Related Posts