ඉන්දීය අගමැති රජීව් ඝාතකයින්ට මරණ දඬුවම

හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටින මුරුගන්, සාන්තන් සහ පෙරරිවාලන් මරණීය දණඩනයට ලක්කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම කටයුතු ආරම්භ කර ඇත්තේ, එම වරදකරුවන් තිදෙනා සහනයක් ඉල්ලා ජනාධිපති ප්‍රතිභා පටෙල් මහත්මිය වෙත  ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළ බවට තොරතුරු ලැබීමත් සමගයි. කෙසේ වෙතත් රජීව් ඝාතනයේ …

Continue Reading

ගඩාෆිගේ හිසට මිලක් නියම වේ

ලිබියානු කැරළිකරුවන් කර්නල් මුවම්මර් ගඩාෆිගේ හිසට මිලක් නියම කර තිබේ. කරළිකරුවන්ගේ ජාතික කවුන්සිලයේ ප්‍රධානී මුස්තාපා අබ්ඩෙල් ජලීල් ප්‍රකාශ කළේ, ගඩාෆිගේ සිරුර හෝ ඔහු පණපිටින් හෝ රැගෙන එන්නකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක ත්‍යාගයක් පිනමන බවයි. කර්නල් ගඩාෆිගේ සමීපතමයකු මෙම ක්‍රියාව කරන්නේ නම් ඔහුට සමාව දීමට සුදානම් බවද ජලීල් පවසයි. නායකත්වය අත්හරින්නේ නම් ආරක්ෂිතව රටින් පිටවීමට ලිබියානු නායකයාට පහසුකම් සැලසීමට හැකියාව ඇතැයි, …

Continue Reading

කර්නල් මුවමර් ගඩාෆිගේ නිවස්නය වටා දරුණු සටන්

ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ ට්‍රිපෝලි අගනුවර පිහිටි නිවස්නය වටා දරුණු සටන් පවතී. වසර 41 පුරා ලිබියාව පාලනය කළ මුවමර් ගඩාෆි අවධාරණය කළේ තමා ට්‍රිපෝලි අගනුවර හැර නොයන බවයි. ඔහු ට්‍රිපෝලි වැසියන්ගෙන් ඉල්ලා සිටියේ අවසානය තෙක් සටන් කරන ලෙසයි. ට්‍රිපෝලි අගනුවර බලය අත්පත් කර ගැනීම සදහා ලිබියානු කැරලිකරුවන් ඊයේ මෙහෙයුම් ආරම්භ කළේය. ලිබියානු කැරලිකරුවන් අද අලුයම ප්‍රකාශ කළේ කර්නල් මුවමර් …

Continue Reading

85 වැනි ජන්ම දිනය සමරන ෆිදෙල් කැස්ත්‍රෝ

කියුබානු විප්ලවයේ නියමුවා වන ෆිදෙල් කැස්ත්‍රෝගේ 85 වැනි ජන්ම දිනය පසුගිය දා (13 අගෝ. සෙනසුරාදා) යෙදී තිබිණි. සිය දේශපාලන නායකයාගේ උපන්දිනය නිමිත්තෙන් කියුබානු ජනතාව විසින් පසුගිය සතිය පුරාම උත්සව සංවිධානය කර තිබිණි. මේ නිමිත්තෙන් ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග ඇතුළු උත්සව ගණනාවක් හවානා ඇතුළු නගර ගණනාවකදී පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. 1926 අගෝස්තු මස 13වැනිදා ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේදී උපත ලද …

Continue Reading

ඉන්දීය ධජය එසවීමට ගත් උත්සහයෙන් 43 දෙන්නෙකු අත්අඩංගුවට

කච්චතිව් දූපතෙහි ඉන්දීය ධජය එසවීම සඳහා පිටත්ව යෑමට උත්සාහ දැරූ හින්දු මක්කල් කච්චි නමැති පක්‍ෂයේ කි‍්‍රයාකාරීන් 43 දෙනෙකු තමිල්නාඩු පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි. වඩාත් විශේෂත්වය වන්නේ ඊයේ (15 අගෝ.) දිනය ඉන්දියාව සිය ජාතික දිනය සමරන දිනයද වීමයි. අත්අඩංගුවට පත්වූවන් අතර තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිටින එම පක්‍ෂයේ සභාපති අන්නදුරෙයි ද අයත් වේ. වසර 1974දී ශී‍්‍ර ලංකාවට පවරාදුන් …

Continue Reading

බ්‍රිතාන්‍යයට ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය

බ්‍රිතාන්‍යයෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් මර්ධනය කිරීමට එරට පොලීසිය අසමත්වීම හේතුවෙන් ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පසුගියදා තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් එරට පොලිස් ප්‍රධානීන්ගේ විරෝධතාවය එල්ලවී ඇත. එම විශේෂඥයා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් නගරවල හිටපු පොලිස්පතිවරයකු වන බිල් බ්‍රැටොන් ය.  වීදි විරෝධතා, වාර්ගීක ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීම සම්බන්ධයෙන් විශේෂ පළපුරුද්දක් සතු මොහු …

Continue Reading

බර්ලින් තාප්පය ඉදිකර වසර 50 යි

බටහිර ජර්මනිය හා නැගෙනහිර ජර්මනිය වෙන් කරමින් ගොඩනැගුනු බර්ලින් තාප්පය ඉදිකර අදට (13 අගෝ.) වසර 50 කි. අද (13 අගෝ.) ජර්මනියේ බර්ලින් අගනුවරදී මෙම අවස්ථාව සමරනු ලැබේ. 1961 අගෝස්තු 13 දින ඉදිකල මෙම තාප්පය තරණය කිරීමට ගත් උත්සහයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් එරට වේලාවෙන් මධ්‍යහන 12ට පැවැත්වෙනු ඇති අතර, මෙම අවස්ථාවේදී බර්ලිනයේ සියළු රථවාහන ගමනාගමනය අත්හිටුවනු ලැබේ. බර්ලින් …

Continue Reading

ඊශ්‍රායලයේ දැවැන්ත ජනතා නැගිටීම්

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ බදුවලට එරෙහිව පසුගියදා ඊශ්‍රායල ජනතාව විසින් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ. මෙම උද්ඝෝෂණය සඳහා මිලියන 1/4කට අධික ජනකායක් සහභාගී වූ බව විදෙස් වාර්තා අනාවරණය කරයි. මෙය ඊශ්‍රායල ඉතිහාසයේ පැවති විශාලතම උද්ඝෝෂණය ලෙස ද හැඳින්වේ. ටෙල් අවීව් නගරයේ පැවති උද්ඝෝෂණය සඳහා තරුණ තරුණියන් ලක්ෂ 2කට ආසන්න පිරිසක් සහභාගී වී ඇතැයි එම වාර්තා වැඩිදුරටත් …

Continue Reading

ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයකදී විරෝධතාකරුවන් අත්තඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවන්ගෙන් ඉන්දීය ධීවරයන්ට සිදුවෙතැයි පැවසෙන බාධා කිරීම්වලට එරෙහිව විරෝධතාවයන්හී යෙදුනු විරෝධතාකරුවන් පිරිසක් එරට වෙරළ ආරක්ෂක අංශයන් විසින් අත්තඩංගුවට ගෙන ඇත. මොවුන් එරට භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බවට හඳුනා ගෙන ඇත. මෙම විරෝධතාකරුවන් පිරිස මෙසේ අත්තඩංගුවට පත්වී ඇත්තේ ඔවුන් විසින් රාමේශ්වරම් නාවික මුහුදු තීරය ඔස්සේ පැමිණ බෝට්ටු වලට ගොඩවීමට ගන්නා ලද උත්සහයකදීය. දකුණු ඉන්දීය ධීවර ජනතාව මුහුණපාන උක්ත ගටළු සහ …

Continue Reading

චෙන්නයි නාගරික පොලීසියෙන් ලාංකීය වන්දනාකරුවනට බාධා

චෙන්නයිහීදි පසුගියදා ලාංකීය වන්දනාකරුවනට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව එම නගරයේ පිහිටි හෝටල්වල ලාංකීකයන්ට නවාතැන් ලබාදීම චෙන්නයි නාගරික පොලීසිය විසින් තහනම් කර ඇතැයි වාර්තා වේ. ජූනි මසයේ සිට වන්දනා සමය ආරම්භ වී ඇති නිසා ප්‍රදේශයට පැමිණෙන ශ්‍රී ලාංකීය වන්දනාකරුවන්ට නවාතැන් සැපයීම මහ බෝධි සංගමයට දැඩි දුශ්කර කාර්යයක් බවට පත්ව තිබේ. මේ අතර උද්ගත වී ඇති තත්ත්වය නිසා චෙන්නයි නගරයට පැමිණීමෙන් වැළකී බුද්ධගයාව …

Continue Reading