ඉන්දීය අගමැති රජීව් ඝාතකයින්ට මරණ දඬුවම

Spread the love

හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටින මුරුගන්, සාන්තන් සහ පෙරරිවාලන් මරණීය දණඩනයට ලක්කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම කටයුතු ආරම්භ කර ඇත්තේ, එම වරදකරුවන් තිදෙනා සහනයක් ඉල්ලා ජනාධිපති ප්‍රතිභා පටෙල් මහත්මිය වෙත  ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළ බවට තොරතුරු ලැබීමත් සමගයි.

කෙසේ වෙතත් රජීව් ඝාතනයේ වරදකරුවන් එල්ලා මරණයට පත් කරන දිනය කවදාදැයි, වෙල්ලෝර් මධ්‍යම බන්ධනාගාර බලධාරීන් ප්‍රකාශ කර නොමැත.

පෙරිවාලන් ඉන්දීය ජාතිකයකු වන අතර මුරුගන් සහ සාන්තන් ශ්‍රී ලාංකිකයෝ වෙති.

1991 වසරේ මැයි 21 වෙනිදා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ රාජිව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වු නලිනි නැමැත්තියගේ දඬුවම පසුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම පසුව ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පරිවර්තනය කෙරුණි.

ඇය මරණ දඬුවම නියව සිටින මුරුගන්ගේ භාර්යාවයි.

මෙම පිරිස දැනට වසර 20ක පමණ කාලයක් තිස්සේ සිරදඬුවම් විදිමින් සිටී.

 

[youtube Qlq2kBQHSQw]

RSL

Related Posts