බර්ලින් තාප්පය ඉදිකර වසර 50 යි

Spread the love

බටහිර ජර්මනිය හා නැගෙනහිර ජර්මනිය වෙන් කරමින් ගොඩනැගුනු බර්ලින් තාප්පය ඉදිකර අදට (13 අගෝ.) වසර 50 කි. අද (13 අගෝ.) ජර්මනියේ බර්ලින් අගනුවරදී මෙම අවස්ථාව සමරනු ලැබේ.

1961 අගෝස්තු 13 දින ඉදිකල මෙම තාප්පය තරණය කිරීමට ගත් උත්සහයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් එරට වේලාවෙන් මධ්‍යහන 12ට පැවැත්වෙනු ඇති අතර, මෙම අවස්ථාවේදී බර්ලිනයේ සියළු රථවාහන ගමනාගමනය අත්හිටුවනු ලැබේ.

බර්ලින් තාප්පය තරණය කිරීමට ගත් උත්සහයෙන් පුද්ගලයන් 136කට අධික සංඛයාවක් මිය ගිය බව වාර්තා වන නමුත් මෙලෙස මියගිය පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ එම සංඛ්‍යාව 700කට වඩා අධික බවයි.

1989 දී මෙම තාප්පය බිඳවැටුනි.

 

[youtube 85xubRUaYSg]

RSL

Related Posts