දූෂිතම රාජ්‍යය සෝමාලියාවයි – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල්

දූෂණයට එරෙහි සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව ලොව දූෂිතම රාජ්‍යය වන්නේ සෝමාලියාවයි. සෝමාලියාව, උතුරු කොරියාව හා මියන්මාරය ලොව දූෂිතම රාජ්‍යන් බව එම නව වාර්තාවේ සඳහන්ය. නවසීලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය හා සිංගප්පූරුව  දූෂණය අඩුම රටවල් ලෙසද එම වාර්තාවේ දැක්වේ.

Continue Reading

නවසීලන්තයට භූමිකම්පාවක්

නවසීලන්තයේ වෙලින්ග්ටන් අගනුවරට සහ එරටේ දකුණු දිවයිනේ උතුරු ප්‍රදේශයට රික්ටර් මාපාංක 5.7 ක ප්‍රබලතාවයකින් යුත් භූමිකම්පාවක් සිදු වී තිබෙන බවට වාර්තා වේ. භූ චලන නිරීක්ෂණ සේවාවන් වල වාර්තා වලට අනුව මෙම සිදු වීම සිදුවී ඇත්තේ ඊයේ(03) පස්වරුවේය. එම භූමිකම්පාවෙන් බරපතල හානි සිදු වී නැති අතර අගනුවර දියබඩ පෙදෙස් වල පිහිටි නිවෙස් වල ජනෙල් වලට හානි සිදු වී ඇති අතර ඇතැම් …

Continue Reading

එජා සංවිධානයටත් සයිබර් ප්‍රහාරයක්

පසුගිය බදාදා දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් වන අතර එහි තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්‍රහාරකයින් විසින් සොරාගෙන ඇති බවයි වාර්තාවන්නේ. ටීම් පොයිසන් නමිනු තමුන්ව හඳුන්වාගෙන ඇති මෙම සයිබර් ප්‍රහාරක කල්ලිය එහි එක්සත් ජාතීන්ට අපහාස වන අයුරින් පණිවුඩයක්ද …

Continue Reading

ඉරානයට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීම්

ඉරානයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අනතුරු අඟවා තිබේ. ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ, ටෙහෙරාන් අගනුවර සිය තනාපති කාර්යාලයට උද්ඝෝෂකයින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. උද්ඝෝෂකයින් එම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබුණේ, බ්‍රිතාන්‍ය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව සැලසුම් කර ඇති සම්බාධකයන්ට විරෝධය පළ කරමිනි. ටෙහෙරාන් අගනුවර බ්‍රිතාන්‍ය තනාපති කාර්යාලය අද දිනයේ වසා …

Continue Reading

අඟහරු මත ජීවය ඇත්ද සොයන්න කිව්රියෝසිටි යානය අභ්‍යවකාශයට

ලෝ පතල ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා පසුගිය දිනක පැවසුවේ, අගහරු ග්‍රහයා මත ජීවයක් ඇත්දැයි, තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් යානය අභ්‍යවකාශ ගත කරන බවයි. අගහරු ග්‍රහයා පිළිබඳව අධ්‍යනය කරන කිව්රියෝසිටි රෝවර් යානය රැගත් ඇට්ලස් 5 රොකට්ටුව අමෙරිකාවේ ෆ්ලෝරීඩාහි පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථනයෙන් ඊයේ රාත්‍රියේ ගමන් ඇරඹීය. ටොන් 10කින් යුතු මෙම යානයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ආචාර්ය සරත් ගුණපාල මහතා …

Continue Reading

ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ටොම් විකර් අභාවප්‍රාප්ත වෙයි

නිව්යෝර්ක් ටයිම්ස්හි ප්‍රවීණ මාධ්‍යවේදියකු වු 85 වියැති ටොම් විකර් ඊයේ(26) අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන්.එෆ්. කෙනඩි මහතා වෙඩි තබා ඝාතනය කෙරුණු අවස්ථාව වාර්තා කරනු ලැබූ මාධ්‍යවේදියා විය. 1963 වර්ෂයේ නොවැම්බර් මාසයේදී හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔහු රැගත් රථ පෙළ අමෙරිකාවේ ඩලස් නගරයට ධාවනය වෙමින් තිබියදීය. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා රැගත් මෝටර් රථ පෙළේ, …

Continue Reading

සුකී නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙයි

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීගේ දේශපාලන පක්ෂය නැවත වරක් ලියාපදිංචි කිරීම සඳහා ඇය හා ඇගේ පක්ෂ ක්‍රියාකාරීන් අද (25) පියවරගෙන ඇත.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය හෙවත් එන්.එල්.ඩී පක්ෂය නැවත මියන්මාර මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචි කිරීම ඇගේ අරමුණ වී ඇත. දැනට 66 හැවිරිදි වියෙහි පසුවන සුකී ප්‍රංශයේ ඒ.එෆ්.පී පුවත් සේවය හා ප්‍රකාශකොට තිබුණේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී තරඟ කිරීමට පහසුවනු පිණිස සිය පක්ෂය …

Continue Reading

වසරේ හොඳම ටෙනිස් ක්‍රීඩකයා – සර්බියාවේ නොවැක් යොකැවිච්

වසරේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සර්බියාවේ නොවැක් යොකැවිච් සමත් විය. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ, ලන්ඩන් විවෘත ටෙනිස් තරගාවලියේදීය. නොවැක් යොකැවිච් විසින් මෙම වසරේ පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම්ස් ටෙනිස් තරගාවලි 4න් 3ක්ම ජය ගනු ලැබීය. ඕස්ට්‍රේලියා විවෘත අමෙරිකා විවෘත සහ විම්බල්ඩන් ටෙනිස් ක්‍රීඩකයින් අතර 6වැනි ස්ථානය හයවැනි ස්ථානය යොකැවිච්ට හිමිව තිබේ. පසුගිය ජුලි 4 වෙනදා සිට ටෙස්ට් ශ්‍රේණිගත …

Continue Reading

පරිඝණක වෛරසයකින් ඉරාන න්‍යෂ්ටික බලාගාර අඩපණවේ

ඉරාන න්‍යෂ්ටික බලාගාර වැඩසටහන් ඉලක්ක කර ගනිමින්, තෙවන වරටත් පරිඝණක පද්ධති වෙත වෛරසයක් ඇතුළු වී තිබේ. එය ඩුකූ නැමති පරිඝණක වෛරසයක් හඳුනාගත් බව ඉරාන බලධාරීන් පවසයි. අලුතින් සොයා ගැනුණු ඩුකූ නැමති වෛරසය ඉදිරි සයිබර් ප්‍රහාර දත්ත රැස් කළ හැකි රිමෝට් ඇක්සස් හැකියාවන් වලින් සමන්විත වෛරසයක් බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. අවදානමට මුහුණ දී ඇති ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරවල පරිඝණක මේ වනවිට පරීක්ෂා කිරිම්වලට …

Continue Reading

ලුකස් පැපඩෙමොස් නව ග්‍රීක අගමැති ලෙස දිවුරුම් දෙයි

හැට හතර හැවිරිදි යුරෝපීය මධ්‍යම බැංකුවේ හිටපු උපසභාපතිවරයෙක් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන ලුකස් පැපඩෙමොස් මහතා ජෝර්ජ් පැපැන්ඩ්‍රියෝගෙන් හිස්වූ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත්කර කර ඇත. නව ග්‍රීක අග්‍රාමාත්‍යවරයා මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය වන්නේ ග්‍රීසිය මුහුණදී සිටින ණය අර්බුධයෙන් ගලවාගැනීම වන අතර එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍යවාර්තා සඳහන් කරයි. එසේම නව අගමැතිවරයා අගමැතිධුරයට පත්වීමට ප්‍රථම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීමද විශේෂත්වයකි.

Continue Reading