ඇමෙරිකාවේ උද්ධමනය නැවත ඉහළට

2009 දී 14.3% වූ ඇමෙරිකාවේ දරිද්‍රතාවය 2010 වන විට 15.1% දක්වා තවදුරටත් ඉහළගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. 2010 ප‍්‍රතිශතය 1983 න් පසුව වාර්තා වූ ඉහළම දරිද්‍රතා ප‍්‍රතිශතය ලෙසද සැලකේ. එමෙන්ම පසුගිය සිවු වසර පුරාවටම ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහළගොස් තිබේ....

සිගරට් කොටයක් නිසා හටගත් ගින්නෙන් පුද්ගලයන් 100 කට වැඩි ගණනක් මරුට

පසුගිය දා (12  සැප්. ) කෙන්යා මාධ්‍ය වාර්තා කළේ, සිගරට් කොටයක් කසල කාණුවකට දැමීමෙන් පෙට්‍රල් නළ පද්ධතියක් සමග මුසුවීමෙන් හටගත් ගින්නක් හේතුවෙන් කෙන්යාවේ නියිරෝබි අගනුවර පිහිටි පැලපත් නිවාස පෙළක පුද්ගලයෝ 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. ගින්නෙන් මියගිය සංඛ්‍යාව...

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ ක්‍රියා

විදෙස් වාර්තා පවසන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලය අවට ප්‍රචණ්ඩ අයුරින් උද්ඝෝෂණ ව්‍යාප්ත වී ඇති බවත් තානාපති කාර්යාලය වටකළ උද්ඝෝෂකයින් එහි තාප්පය බිඳ දැමූ බවත්ය. තානාපති කාර්යාලයේ ඉහළ මාලන්හි කවුළු තුළින් විවිධ ලේඛන පිටතට විසිකරනු දුටු බව ප්‍රදේශවාසීන් උපුටා...

චිලී ගුවන් අනතුරෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට

පැසිපික් සාගරයේ රටවල් පෙළකට ගමන් ගත් චිලී ගුවන් සේවාවේ ගුවන් යානයක් සිකුරාදා අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් විසිඑක් දෙනාම මියගිය බව එරට ආරක්‍ෂක අමාත්‍යාංශය සෙනසුරාදා (03 සැප්.) පැවැසීය. සිකුරාදා (02 සැප්.)  රාත්‍රියේ සිට මියගිය අයගේ සිරුරු සොයා රොබින්සන් කෲසෝ දූපත අවට...

කැරළිකරුවන්ගේ මී ළඟ ඉලක්කය ගඩාෆි උපන් නගරය වන සර්ත්

ගඩාෆි උපන් නගරය වන සර්ත් රැකගැනීම සඳහා 20,000ක සන්නද්ද බල ඇණියක් සුදානම් බව කර්නල් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් පවසයි. සර්ත් නගරය ලිබියානු කැරළිකරුවන්ගේ මී ළඟ ඉලක්කය වී තිබේ. ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා කැරළිකරුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා...

ගඩාෆි පවුල සතු පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කැරළිකරුවන් අතට

හිටපු ලිබියානු නායක ගඩාෆිගේ පුත්‍රයෙක්වූ මුටාසිම් ගඩාෆිගේ පොළව යට ඇති සුඛෝපභෝගී බංකරය කාමර 50කින් සමන්විත බව අනාවරණය වී ඇත. මෙය නැගෙනහිර ට්‍රිපොලිහි පිහිටා ඇත. මෙම සංකීර්ණයේ සියලු අති නවීන පහසුකම් ඇතුළුව න්‍යෂ්ටික බලාගාරයක්ද ඇති බවට විශ්වාස කෙරේ. ඇතැම් අය පවසන්නේ...

කුරුළු උණ යළිත් හිස ඔසවයි

කුරුලු උණ යළිත් ආසියානු කලාපය තුළ පැතිර යමින් පවතින බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවයි. විශේෂයෙන්ම චීනය, වියට්‌නාමය, තායිලන්තය, මලයාසියාව හා කාම්බෝජය යන රටවල මෙය පැතිර යැම ආරම්භව ඇති අතර මේ වන විට අටදෙනකු කුරුලු උණ රෝගයෙන් මේ වසරේ මියගොස්‌...

ජපානයේ නව අගමැති යොෂිහිකෝ නෝඩෝ

ජපානයේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවති දෙවන වටයේ නායකත්ව ඡන්ද විමසීමෙන් ජය ලබමින් ජපාන මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය යොෂිහිකෝ නෝඩෝ අද (30 අගෝ.) තේරී පත්විය. යෝෂිහිකෝ නෝඩෝ වසර 5ක් තුළ ජපානයේ තෝරාගනු ලැබූ 6වෙනි අග්‍රාමාත්‍යවරයා වේ. ජපානයේ නව...

නයිජීරියාවේ ජල ගැලීම්වලින් ජීවිත හානි වැඩිවේ

නයිජීරියාවේ ජල ගැලීම්වලින් පුද්ගලයින් 98දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ එරට ඉබාදාන් නගරයේදි මේ ජීවිත හානි සිදුව ඇති අතර සහන සේවකයින් සිරුරු සෙවීමේ කාර්යයේ නිරතව සිටින බවයි. ජල ගැලීම් හේතුවෙන් 2,000 ක පමණ පිරිසක් ඉබාදාන් නගර‍යේ අවතැන්ව සිටී.

ලිබියාවේ ට්‍රිපෝලි නගරයේ බෙහෙත්,ආහාර,ඉන්ධන සහ ජල හිඟයක්‌

ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර රෝහල්වල බෙහෙත් හිඟවීමත් එම නගරයේ ජනතාවට ආහාර, ජලය, ඉන්ධන හිඟවීමත් නිසා එහි විශාල මානුෂික අර්බුදයක්‌ උද්ගතව ඇතැයි වාර්තා වේ. මේ හේතුව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ලිබියාවට ආධාර කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් නිවේදනයක්‌...
Loading posts...

All posts loaded

No more posts