එජා සංවිධානයටත් සයිබර් ප්‍රහාරයක්

Spread the love

පසුගිය බදාදා දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත.

එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් වන අතර එහි තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්‍රහාරකයින් විසින් සොරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ටීම් පොයිසන් නමිනු තමුන්ව හඳුන්වාගෙන ඇති මෙම සයිබර් ප්‍රහාරක කල්ලිය එහි එක්සත් ජාතීන්ට අපහාස වන අයුරින් පණිවුඩයක්ද සටහන්කොට ඇත. මෙයට ප්‍රථම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන සංවිධායේ දත්ත සර්වරයකින්ද දත්ත සොරකම්කොට තිබුනි. මොවුන් පවසා ඇත්තේ තමන් බැංකුවලින් සල්ලි හොරකම් කර ඒවා පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි.

එම සයිබර් ප්‍රහාරකයින් එය හඳුන්වා ඇත්තේද “ ඔපරේෂන් රොබින් හුඩ් “ නමිනි.

RSL

Related Posts