තනපටයක් තරම් නොවටිනා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නය

මාලඹේ SAITEM ආයතනයේ සිසුන්ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ සායනික කටයුතු කිරීමට අවසර ලබා දීමට සූදානමක් පවතින බව වාර්තාවෙයි. මෙම SAITEM ආයතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගැනීමට නොහැකි බව ජනපතිවරයා ද ප්‍රකාශ කළ තත්වයක් තුළ මෙසේ කටයුතු සිදුවීම යම් සැකයකට තුඩු දෙන බව පැහැදිලිව පෙනේ. රටේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති මෙයට අදාළ මැදිහත්වීම ජනපතිවරයා සහ අගමැතිවරයා ද අත්හැර ඇතැයි කිව යුතු …

Continue Reading

ප්‍රාඩෝ 200 බදු නැතිව නිදහස් කිරීම විමර්ශනය කළ රේගු අධ්‍යක්ෂ මාරු කරයි!

නියමිත මිල ගණන්වලට අඩුවෙන් සඳහන් කරමින් ආනයනය කරන ලද ප්‍රාඩෝ රථ 200ක් බදු අය කරනොගෙන එමෙන් ම නිදහස් කර යැවීම අපි මෙයට පෙර වාර්තා කළෙමු. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සඳහන් කරන්නට පවා ව්‍යාපාරික මුදල් අමාත්‍ය රවි කරුණානායකට සිදු විය. කෙසේ වෙතත්, ඒ නිදහස් කිරීමෙන් රජයට කෝටි ගණනක පාඩු සිදු විය. මේ සිද්ධිය ගැන විමර්ශන භාරව සිටි රේගු අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා …

Continue Reading

මහින්ද-මෛත්‍රී දීගයට, කපුකම එස්. බී ගෙන්

එස්.බී දිසානායක යනු මෙරට දේශපාලනයේ ප්‍රකටත ම ඩීල්කරු ලෙස හැඳින්විය හැකි ය. දැන් ආරංචි පැතිර යන හැටියට නුදුරේ එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෛත්‍රීට මහින්දව පූට්ටු කිරීමට ඔහු කැසකවමින් සිටී. මහින්ද රාජපක්ෂ – මෛත්‍රීපාල සිරිසේන සංයෝගය විසින් යහපාලනයට හිතැති ජනයා මෛත්‍රීපාල සිරිසේන වෙතින් වියෝග කරනු ඇති බවට සැකයක් නැත. මන්දයත්, මේ සංයෝගය ඔස්සේ ඉතිහාසයේ සිදු වූ පරිදිම පෙර රජය විසින් …

Continue Reading

ආණ්ඩුවට විසඳන්න ප්‍රශ්න ඇත්තේම නැද්ද..?

නැතක් ප්‍රශ්න තිබිය දී ආණ්ඩුව භික්ෂූන් විනයගත කිරීමට අදාළ පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත ප්‍රශ්න තිබිය දී ජනතාවට ආහාරයට ගැනීමට නව ප්‍රශ්නයක් නිර්මාණය කිරීමේ මහින්ද රාජපක්ෂ ක්‍රමය වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරමින් තිබෙන බවක් අපට පෙනී යයි. රාජ්‍ය සහ ආගම වෙන්ව තැබීම ශිෂ්ට සම්පන්න පාලනයක් සහිත රටවල් විසින් සිදු කර තිබෙන්නකි. ඒ ගැන සංවාදය පසෙක තබමු. ආණ්ඩුවට ඉතා හදිසියේ විසඳිය …

Continue Reading

බලපත්‍රලාභී චණ්ඩි!

ශ්‍රී ලංකාවේ පොලිසිය පිළිබඳව මෙයට පෙර ද අප සඳහන් කළෙමු. ඇඹිලිපිය ප්‍රදේශයේ පසුගිය දා සිදු වූ සිදුවීමේ දී පමණක් නොව බොහෝ අවස්ථාවල පොලිසිය හැසිරෙන්නේ බලපත්‍රලාභී චණ්ඩින් ලෙස බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇඹිලිපිටිය නඩු කටයුත්තට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මැදිහත් වීම ද පමණට වැඩි දෙයකි. අනෙක් ශ්‍රී ලංකාවේ පොලිසිය ගොරකා දඩමස් කළ සහ දඩමස් ගොරකා කළ අවස්ථා ද සුලබ බව මතක් …

Continue Reading

ගොබ්බයෝ පාර්ලිමේන්තුවට යෑම හෙවත් හස්තවිකාර මුඛවිකාර!

විද්‍යුත් මාධ්‍යයන්වලට, විශේෂයෙන් ම රූපවාහිනී නාලිකාවලට ගොඩ වදින නූගත් තරුණයන් මේ වකවානුවේ කරන්නේ, නිවේදනය නොව හස්ත විකාර මුඛ විකාර පෑම ය. හිසෙහි ඇත්තේ ඉස්සාගේ මෙන් අසූචි ය. පාරිභෝජන ධනවාදයේ මේ කාර්තුවේ, එනම් පරිභෝජනයම ජීවිතය යැයි ජනතාවට ඒත්තු ගන්වන මූලිකයා වන්නේ රූපවාහිනිය යි. ඒ අස්සට ගොඩවෙන ගොබ්බයන් සියලුම වැඩසටහන් මෙහෙයවන්නට වැටෙන අතර දේශපාලන වැඩසටහන් කියා ගන්න ගොබ්බ සංවාද මෙහෙයවන්නට ද ඉඩ …

Continue Reading

ඇමැති රාජිතට නඩු!

පෙර මහින්ද රාජපක්ෂ යුගයේ දී බලගතු ඇමැතිවරයෙක්ව සිට පසුව යහපාලනයට එක් වූ දැන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යහපාලන ආණ්ඩුවේ පොල්මංක්කාරයා වැනි ය. පවුල් සමාගමක් ඔහුට ද හිමි ය. කෙසේ වෙතත්, ඔහු සෞඛ්‍ය ඇමති වූ සැනින් මාලබේ වෛද්‍ය විද්‍යාලයට නොයෙක් පහසුකම් ලැබෙන්නේ ය. ඔවුන් ඉල්ලූ සැනින් රජයේ රෝහල්වල පුහුණුව ලැබෙන්නේ ය. ඔහුගේ ලේලියක එහි උගන්නා බැවින් එයට පහසුකම් හනික ලැබෙනවා යන චෝදනාව ද …

Continue Reading

සතිඅග සළරුව: The Martian (2015)

ද මාර්ෂන් චිත්‍රපටය බැලූ බැල්මට සරල විද්‍යා ප්‍රබන්ධ කතාවක් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් ද මාර්ෂන් විසින් මෙහෙයවනු ලබන්නේ මීළඟ දශකය තුළ ඇමෙරිකානුවන් ජාතියක් වශයෙන් එක්සිත් වීමට නියමිත් පෘථිවියෙන් එපිට ජනපදකරණය පිළිබඳ ව්‍යාපෘතියයි. අභ්‍යාවකාශය ජයගන්නා ජාතිය ලෝකය ජයගන්නා බව සඳ ගමනට පෙරාතුව ඇමෙරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි කියා සිටියා. ගගනගාමීන් වීමට ආසා කරන දරු පරපුරක් බිහිකරමින් අභ්‍යාවකාශ සෙල්ලම් බඩු වෙළඳ සැල් …

Continue Reading

හොරාගෙ අම්මගේ පේන කීම!

පොලිසිය ප්‍රතිසංස්කරණය කළ යුතු ආයතනයක් බව අපි මෙයට දින කිහිපයකට පෙර මෙහි සටහන් කර තැබුවෙමු. ඇඹිලිපිටිය පෙදෙසේ ඇතිවූ සිද්ධියකින් තරුණයෙක් මරණයට පත් විය. එහි දී පොලිසිය අනිසි ලෙස මැදිහත් වූ බව පමණක් නොව ඔහු ඝාතනය කර දැමූ බව ප්‍රදේශවාසීන් ඍජුව චෝදනා කරති. රජය පාර්ශ්වයෙන් ද පොලිස් නිලධාරින් මාරු කර යැවීමෙන් යම් බඳු ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන හමාර ය. නිරවද්‍ය පරික්ෂණයක් …

Continue Reading