සතිඅග සළරුව: The Martian (2015)

Spread the love

martianද මාර්ෂන් චිත්‍රපටය බැලූ බැල්මට සරල විද්‍යා ප්‍රබන්ධ කතාවක් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් ද මාර්ෂන් විසින් මෙහෙයවනු ලබන්නේ මීළඟ දශකය තුළ ඇමෙරිකානුවන් ජාතියක් වශයෙන් එක්සිත් වීමට නියමිත් පෘථිවියෙන් එපිට ජනපදකරණය පිළිබඳ ව්‍යාපෘතියයි. අභ්‍යාවකාශය ජයගන්නා ජාතිය ලෝකය ජයගන්නා බව සඳ ගමනට පෙරාතුව ඇමෙරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි කියා සිටියා. ගගනගාමීන් වීමට ආසා කරන දරු පරපුරක් බිහිකරමින් අභ්‍යාවකාශ සෙල්ලම් බඩු වෙළඳ සැල් වලට එද්දී ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලා නව යොවුන් පරපුරෙහි පාරිකල්පනික ලෝකය දුර ඈත චක්‍රාවාටයන් ගැන සිහින වලින් පුරවා දැමුවා. අප ද මාර්ෂන් චිත්‍රපටය දකින්නේ ඒ ව්‍යාපෘතියේම මීළඟ අදියර හැටියටයි.

martian2නමුත් ඉහත කරුණු අනුව යමින් ද මාර්ෂන් චිත්‍රපටය ඇමෙරිකානු ප්‍රචාරණ ව්‍යාපෘතික උපකරණයක් ලෙස ලඝු කොට ගැනීම කිසිසේත් යුතු නැහැ. අප මතුකරන කරුණ සිනමාවේ කාර්යභාරය පිළිබඳව ධනාත්මක එකක් මිස ඍණාත්මක යමක් නොවෙයි. අපට ඇති එකම නිවහන පෘථිවිය වන නිසා ඉන් එපිට දිග්විජය කිරීමේ අරමුණවෙනුවෙන් සමස්ත ලෝක වාසී මිනිස්වර්ගයාම දායක යුතු බව කුළුගැන්වෙන තැනට, ද මාර්ෂන් හි කතාව ගොඩනැගෙනවා. අඟහරුගේ නිසරු රතු බිම පසුබිමෙහි ගනිමින් චිත්‍රපටය උත්කර්ෂයට නංවන්නේ කොළ පැහැ සිඟිති දළුවක ඇති හිතවත් ආශ්චර්යයයි. එය ජීවය පිළිබඳ ආශ්චර්යයි. මහ පොළොව පුරා නිසරු බිම් අස්වද්දවමින්, සොබාදහමේ නොනැවැත්වියහැකි අභියෝග සමග ගැටෙමින් අපේ මුත්න්මිත්තන් කළ සටන විටෙක මාර්ෂන් අපට සිහිගන්වනවා. තවත් විටෙක මාර්ෂන් අභාව්‍යකාශයේ රොබින්සන් කෘෘසෝ කෙනෙකු ගේ කතාවක් වැනියි.

මෙවර මිනිස් වර්ගයා සෞරග්‍රහමණ්ඩලය ජයගන්නා හැටි ද මාර්ෂන් තුළින් ගෙන එන අධ්‍යක්‍ෂ රිඩ්ලි ස්කොට්, මෙයට දශක දෙකකට පෙර, ඇමෙරිකාව ලෝක සිකතියමට එක්කරමින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් නව ලොව දිග්විජය කළ හැටි සිනමාවට ගෙන ආවා. ඔහු කවදත් පුරෝගාමී ප්‍රතිරූප සිනමාව තුළ යළි අර්ථකනය කරවීම ගැන නම් දැරූ හොලිවුඩ් දැවැන්තයෙක්. කෙසේවෙතත් ද මාර්ෂන් ඔස්කාර් සම්මාන හතකටම නිර්දේශ ලබා තිබුණත් අධ්‍යක්‍ෂ රිඩ්ලි ස්කොට් හොඳම සිනමා අධ්‍යක්‍ෂණය සඳහා වන නාමයෝජනා අතරෙහි නැහැ.

ප්‍රධාන චරිතය රඟන මැට් ඩේමන් හොඳම රංගනය වෙනුවෙන් නිර්දේශ ලබා තිබුණත්, විශිෂ්ට රංගනය යනු ශරීරයට අධික දුක්දීම දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකියි. කෙසේවෙතත් නිර්දේශිත සම්මානය තමන් සතු කරගැනීම සඳහා මැට් ඩේමන් හට නිරතවීමට ඇති කරට කර තරඟය සුළුපටු එකක් නොවෙයි.

බොහෝ විශිෂ්ට හොලිවුඩ් චිත්‍රපට මෙන්ම ද මාර්ෂන් චිත්‍රපටයටද පදනම් වී ඇත්තේ නවකතාවක්. හොඳම අනුවර්තිත තිර පිටපත සඳහා වන නාම යෝජනාව, ද මාර්ෂන් දිනා ඇති ඔස්කාර් සම්මාන නිර්දේශ අතර කැපීපෙනන එකක්.

-අඛිල රන්සිරි මලලගේ-

[youtube lQqhfq87FgY]

Loading...

RSL

Related Posts