තනපටයක් තරම් නොවටිනා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නය

Spread the love

Saitemමාලඹේ SAITEM ආයතනයේ සිසුන්ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තුළ සායනික කටයුතු කිරීමට අවසර ලබා දීමට සූදානමක් පවතින බව වාර්තාවෙයි. මෙම SAITEM ආයතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගැනීමට නොහැකි බව ජනපතිවරයා ද ප්‍රකාශ කළ තත්වයක් තුළ මෙසේ කටයුතු සිදුවීම යම් සැකයකට තුඩු දෙන බව පැහැදිලිව පෙනේ.

රටේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති මෙයට අදාළ මැදිහත්වීම ජනපතිවරයා සහ අගමැතිවරයා ද අත්හැර ඇතැයි කිව යුතු ය. ආවරණය කරන ලද ප්‍රසංග ශාලාවක විදෙස් ගායකයෙක් අබිමුවට (වෙළඳසලකින් විසිකිරීමටම ගෙනා එකක් දැයි නොදන්නා) තනපටක් විසි කිරීම බලගතු ප්‍රශ්නයක්ව ගෙන ඒ ගැන ප්‍රකාශ කළ ජනපතිවරයා අද රටෙහි බලගතු ප්‍රශ්නයක්ව තිබෙන මෙම ප්‍රශ්නය අවධානයට ලක් කර නොගන්නේ ඇයි ද යන්න ගැටළුවකි.

මෙකියන SAITEM ආයතනයේ ගුණාත්මකබව පිළිබඳ බොහෝ ප්‍රශ්න ඇති බව සේම එයට සිසුන් තෝරා ගැන්මේ ක්‍රමවේදයේ ද බරපතළ විෂමතා ඇති බව සඳහන් ය. මේ ප්‍රශ්නයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම අතිශය අත්තනෝමතික ය. අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ පමාවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ රෝහල්වල සායනික පුහුණුව SAITEM වෙත ලැබෙයි. මෙබඳු ප්‍රශ්නකාරී ආයතනයකට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට කටයුතු කිරීමට ඔහුට ඇති අයිතිය කුමක් ද? බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති මෙය කෙරෙහි තනපටයක් දෙස බලන බැල්මවත් නොවැටෙන්නේ මන්දැයි අපි පුදුම විය යුත්තෙමු.

RSL

Related Posts