පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳවුරු 226ක් තුළ පවුල් 7,046කට අයත් පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටිතියි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පසුගිය දිනවල දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රීක්ක 12කට අයත් පවුල් එක්ලත්ෂ 84,265කට අයත් පුද්ගලයින් හත් ලක්ෂ 17,262 දෙනෙකු පීඩාවට පත් වු විය. මෙහිදී පුද්ගලයින් 214 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයින් 79 දෙනෙකු අතුරුදන්ව සිටිති.
Continue Reading
අනුර සේනානායක වසරකට පසු නික්ම යයි
වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට බන්ධනාගාරගතව සිට කොළඹ මහාධිකරණයෙන් අැප හිමි වූ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප කොන්දේසි සපුරා අද පිටව ගියේය. මහාධිකරණ නියෝග පරිදි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි ඉදිරියේ ඇප තැබීම සිදුවිය. ශරීර ඇප කරුවන් ලෙස ඔහුගේ පුත්‍රයා සහ සහෝදරයා ඉදිරිපත් වූහ. ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණයේ තැන්පත් කෙරණි. අනුර සේනානායකට මෙලෙස ඇප ලැබුණේ වසරකට අධික කාලයක් රක්ෂිත …
Continue Reading
සුසන්තිකාට මසකට හැටදහසක් ගෙවනවා; ඔය හදන්නේ ඕස්ට්‍රේලියා යන්න – ක්‍රීඩා ඇමති
සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා මෙසේ පැවසීය. සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක් ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ. එයා ඔය ඔලිම්පික් පදක්‌කම විකුණනවා කියන්නේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන්. මෙයාට …
Continue Reading
හර්ෂ අද බැඳුම්කර කොමිසමේ..
එක්‌සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (05 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත. සති දෙකකට පසු කොමිසම අද රැස්‌වන අතර විනිසුරුවරයකුගේ විදෙස්‌ගතවීම නිසා කොමිසම සති දෙකක කාලයක් රැස් නොවිණි. කෝප් වාර්තාවේ පාද සටහන් ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසනු ඇතැයි ද දැනගන්නට ඇත. …
Continue Reading
පවුලේ ප්‍රශ්නයට රට වෙනුවෙන් ලද පදක්කම වෙන්දේසි කිරීම සාධාරණද..?
ඔලිම්පික් පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ආර්ථික ගැටලු හේතුවෙන් තම ඔලිම්පික් පදක්‌කම වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක් කලක් ලබාදුන් වැටුප ද කපා දමා ඇති බවත් මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් මේ නිසා තමන් සතු වටිනාම වස්‌තුව වන ඔලිම්පික් පදක්‌කම වෙන්දේසි කර තම ජීවිකාව කරගෙන යන්නට උත්සාහ දරන බවත් ඇය පවසයි. සුසන්තිකා ජයසිංහ …
Continue Reading
විපතට පත් ජනතාවට චීන බෞද්ධ සංගමයෙන් රුපියල් මිලියන 22 ක මූල්‍යමය පරිත්‍යාගයක්
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස චීන බෞද්ධ සංගමය විසින් රුපියල් මිලියන 22 ක මූල්‍යමය පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය. sri guanguan ස්වාමින් වහන්සේ ප්‍රමුඛ චීන බෞද්ධ සංගමයේ ස්වාමීන් වහන්සේලා මෙම මුදල් පරිත්‍යාගය ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ …
Continue Reading
කෝටි 15කට අධික මුදලක් වැය කරමින් සිරුරට විෂ කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කරලා
රුපියල් කෝටි පහළොවකට අධික මුදලක් වැය කරමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සින්තටික් (කෘත්‍රීම) කඩදාසි පෙළපොත් ලක්‌ෂ පහක් මුද්‍රණය කර ඇත්තේ ඒවා පරිහරණය පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව අධ්‍යයනයකින් තොරව බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය. හත්වැනි ශේa්‍රණියේ භූගෝල විද්‍යා පෙළපොත මෙලෙස මුද්‍රණය කර ඇති අතර, මේ වන විට පොත් දෙලක්‌ෂයකට අධික ප්‍රමාණයක් සිසුන් අතට පත් කර අවසන්ය. පෞද්ගලික …
Continue Reading
SAITM වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි සත්‍යග්‍රහයට දින 500 සපිරෙයි
කුප්‍රකට ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ සිදුන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අද (04) වනවිට දින 500ය සපිරෙයි. 2016 වසරේ ජනවාරි 21 වනදා රාගම වෛද්‍ය පීඨයේ සහ කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් අට්ටාල සකස්කර සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එම වසරේ ජනවාරි මාසය අවසන් වනවිට අනෙකුත් වෛද්‍ය පීඨවල සිසු සිසුවියන්ද සයිටම් …
Continue Reading
ප්‍රදේශ 1159ක අලුතින් නාය යෑමේ අවදානම්!
දිවයිනේ දිස්ත්‍රික්ක අටක ස්ථාන 1159ක අලුතින් නාය යෑම් ඇති වීමට ඉඩ ඇති ලකුණු පහළ වී ඇතැයි එම ප්‍රදේශවලට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට පැමිණිලි කර ඇත. මේ පිළිබඳ පර්යේෂණ කිරීමට භූ විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් දැනටමත් ඒ ප්‍රදේශවලට පිටත් කර ඇති බවත්, ඔවුන්ගෙන් වාර්තා ලැබුණු පසු අවශ්‍ය නම් ඒ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට සිදු වනු ඇති …
Continue Reading
2012 වැලිකඩ සංහාරය විභාගයට ගැනේ.. (Photos)
2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ඇති වූ ගැටුමින් පුද්ගලයින් 22 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සුදේශ් චන්දිමාල් නැමැත්තා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට අවසර ලැබී තිබේ. ඒ අනුව ජුලි මස 07 වනදා අදාළ පෙත්සම විභාගයට ගැනිමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහිණි වල්ගම සහ එස්. තුරෙයිරාසා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත. …
Continue Reading