උතුරේ ඡන්දයට මැදිහත්වන්න නෝර්වේ ඩයස්‌පෝරාවක්‌ දිවයිනට

උතුරේ පළාත් පාලන මැතිවරණයට මැදිහත්වීම සඳහා නෝර්වෙහි කොටි ඩයස්‌පෝරාවේ 60 ක කණ්‌ඩායමක්‌ ලබන සතියේ මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත. මේ බව ඔස්‌ලෝ නුවර සිටින ප්ලොට්‌ සංවිධානයේ සම්බන්ධීකරණ නිලධාරියා විසින් හෙළිකර තිබෙන අතර මොවුන් භාවිතා කරන්නේ තම නියම නම් නොව නෝර්වේ බලධාරීන් සැපයූ අන්වර්ථ නාමයන් බවද පැවසේ. සංචාරකයන් වේශයෙන් උතුරට පැමිණෙන මෙම ඩයස්‌පෝරා කණ්‌ඩායමේ අරමුණ ද්‍රවිඩ සන්ධානයට එරෙහිව තරග වදින පක්‍ෂවලට …

Continue Reading

පෙළපාලි, රැස්‌වීම්, පාගමන් තහනම් – ආයතන 93කට නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

පළාත් පාලන ආයතන 93 ක්‌ සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම අද (14 දා) මධ්‍යහ්න 12.00 ට අවසන් වෙයි. නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව විරෝධතා ඉදිරිපත් කිරීමට අදාළ තේරීම් භාර නිලධාරි කාර්යාලවලදී පැයක කාලයක්‌ ලබාදෙන අතර පසුව පිළිගත් දේශපාලන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වල නාම යෝජනා පත්‍ර ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම ආයතනවලට තරග කරන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලින් …

Continue Reading

දුම්රිය වර්ජනය අවසන්

ඇමැති අනුකමිටුව සමඟ අද (13 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් පසු වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දින 06 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ. සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වෘත්තිය සමිති මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. දුම්රිය වෘත්තිය සමිති …

Continue Reading

තැපැල් ඡන්ද අයදුම් කාලය 22දා දක්වා දීර්ඝ කෙරේ

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළමු නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 14දා හා දෙවන නාමයෝජනා දැන්වීම සඳහා දෙසැම්බර් 22දා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර රාජ්‍ය සේකයන්ගේ මෙන් ම පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම අනුව මෙම අදියර දෙක සඳහා …

Continue Reading

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරුන් 20 ක් කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ

විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු 20 දෙනකු ඊයේ දිනයේ සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. මෙයින් 10 දෙනකුට පත්වීම් ලිපි දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (12) දිනයේ නිකුත්කොට ඇත. දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු, තාක්ෂණික ශිල්පීන්, රියැදුරන් සේවයට බඳවාගැනීම ආරම්භ කළද එම බඳවාගැනීම් අදින් (13) අවසන් වෙයි. දැනට බඳවාගත් දුම්රිය ස්ථානාධිපතිවරු නියාමක රාජකාරියද …

Continue Reading

මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයට අයැදුම්කරුවෝ 688,573 ක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන 5116 කදී අද (12) ආරම්භ කෙරේ. නව හා පැරණි නිර්දේශ වශයෙන් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයෑදුම්කරුවෝ හය ලක්‌ෂ අසූ අට දහස්‌ පන්සිය හැත්තෑතුන් දෙනෙක්‌ පෙනී සිටිති. නව නිර්දේශය යටතේ පෙනී සිටින සංඛ්‍යාව 514200 ක්‌ වන අතර පැරණි නිර්දේශය යටතේ 174373 දෙනෙක්‌ පෙනී සිටිති. පාසල් අයෑදුම්කරුවන් සංඛ්‍යාව 429493 කි. විභාගයට පෙනී …

Continue Reading

මසකට රුපියල් 226,000 ක වැටුප් ගන්නා දුම්රිය රියදුරන්ගේ අයුක්ති සහගත වැඩ වැරුම

දුම්රිය රියදුරෙකුට අතිකාල දීමනාද සමඟ මසකට රුපියල් දෙලක්‍ෂ විසි හය දහසක පමණ වැටුපක්‌ ලබන බව දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක්‌ බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට්‌ නිවේදනය පාර්ලිමේන්තුවේදී ඊයේ(11) විවාදයට ගත් අවස්‌ථාවේදී ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා පැවසීය. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළ පසුව දුම්රිය රියෑදුරකුගේ වැටුප ඉකුත් වසර දෙක තුළ පමණක්‌ රුපියල් 22,000 …

Continue Reading

අත්‍යවශ්‍ය සේවා කිරීමෙන් පසු වෘත්තීය සමිති 5ක සේවකයන් 4000ක් සේවයට ඇවිත්

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කිරීමත් සමග ඊයේ (11) සවස වනවිට වෘත්තීය සමිති පහක සේවකයින් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයට වාර්තා කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. මාර්ග, පාලම්, කළමනාකරුවන්ගේ සංගමය, ගොඩනැගිලි අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය, අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය, සංඥා හා විදුලි කළමනාකරුවන්ගේ සංගමය හා සංඥා හා විදුලි සංගමය නිලධාරීහු මෙසේ පැමිණි සේවකයෝ අතර වෙති. මේ වනවිට විශ්‍රාමික දුම්රිය …

Continue Reading

මැතිවරණ නීතිය අද සිට අකුරටම ක්‍රියාත්මකයි

මැතිවරණ නීතිය අද සිට ක්‍රියාත්මක වන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එසේම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සෘජුවම සහ නීතිපති උපදෙස් මත නඩු පැවරීමට පියවර ගන්නා බවයි. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වලට බාධා වන අයුරින් කටයුතු කිරීම නීති විරෝධී වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර …

Continue Reading

ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් අද

ශ්‍රී ලංකාවේ පුරෝගාමි හා ප්‍රධාන මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11 වැනි සඳුදා ) පස්වරු 4 .00 ට පවත්වන්නට කටයුතු යොදා තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග , මහනගර සහ බස්නාහිර …

Continue Reading