අත්‍යවශ්‍ය සේවා කිරීමෙන් පසු වෘත්තීය සමිති 5ක සේවකයන් 4000ක් සේවයට ඇවිත්

Spread the love

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කිරීමත් සමග ඊයේ (11) සවස වනවිට වෘත්තීය සමිති පහක සේවකයින් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයට වාර්තා කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.

මාර්ග, පාලම්, කළමනාකරුවන්ගේ සංගමය, ගොඩනැගිලි අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය, අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය, සංඥා හා විදුලි කළමනාකරුවන්ගේ සංගමය හා සංඥා හා විදුලි සංගමය නිලධාරීහු මෙසේ පැමිණි සේවකයෝ අතර වෙති. මේ වනවිට විශ්‍රාමික දුම්රිය රියදුරු ස්ථානාධිපතිවරු, නියාමකවරු අටදෙනකු සේවයට වාර්තා කර ඇතැයිද සමරසිංහ මහතා පවසයි.

දුම්රිය රියැදුරන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන්, ලොකොමෝටිව් සංගමයේ රියැදුරන් තාක්ෂණ නිලධාරින් සේවයට වාර්තා කර නැත. මගී ජනතාව අපහසුතාවයට පත්නොවන අයුරින් දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවද විජය සමරසිංහ මහතා පැවැසීය.

RSL

Related Posts