ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් අද

Spread the love

ශ්‍රී ලංකාවේ පුරෝගාමි හා ප්‍රධාන මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11 වැනි සඳුදා ) පස්වරු 4 .00 ට පවත්වන්නට කටයුතු යොදා තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග , මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ඇතුළු මැති ඇමතිවරුද, රාජ්‍ය නිලධාරිහු, තානාපතිවරු, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදිහු, මාධ්‍ය ආයතන ප්‍රධානිහු ද සහභාගි වීමට නියමිතය

ඉන්දු – ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් අතර පවතින සුහදතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ විශේෂ ආරාධනයකට අනුව සමස්ත ඉන්දීය මාධ්‍යවේදී ෆෙඩරේෂණයේ සභාපති බී. වී. මල්ලිකාර්ජුනයියා මහතා සහ එහි මහ ලේකම් පරමානන්ද් පාණ්ඩේ මහතා ප්‍රමුඛ 25 දෙනකුගෙන් සමන්විත විශේෂ නියෝජිතයින් පිරිසක්ද එම උත්සවයට පැමිණීමට නියමිතය.
මෙදින උපහාර ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් දසදෙනා මෙසේය. ගරු අර්නස්ට් පෝරුතොට පියනම, ගාමිණි පුටුහපුව, ඩබ්ලිව් ජී. ගුණරත්න, පී බාලසිංහම්, සුමනා ජයතිලක, රිච්මන්ස් විජේසේකර, එස් සෙල්වර්කුමාර්, ලක්ෂ්මන් ජයවර්ධන, ආනන්ද අගලකඩ, මෙරිල් පෙරේරා.

RSL

Related Posts