නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රට දෙකඩ කරන්න අපට අවශ්‍ය නෑ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මේ රට දෙකඩ කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් ලබාදීම වෙනුවෙන් ලැබී ඇති හොඳම අවස්ථාව වන බවයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන කතිකාවත මැයෙන් පසුගිය (19) රත්නපුරයේදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව කීය. වැඩිදුරටත් අදහස් …

Continue Reading

එදා සිදුකළ තවත් දූෂණ – වංචාවක් වෙනුවෙන් සාක්ෂි දෙන්න ගෝඨාභය ඇතුළු පිරිසට කැඳවීමක්!

ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස එම කොමිසම මගින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි, කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් වෙත නොතීසි නිකුත් කර ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් දැනගන්නට …

Continue Reading

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කල්ලියට තවමත් ඇමති සැප ජනපති මෛත්‍රී නිසාද..?

ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් මෑතකදී ඉවත් ව ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලියේ මන්ත්‍රීවරුන් සඳහා මේ වන විටත් ඇමැති ආරක්‍ෂාව ලබා දී තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් වන එම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණය ඉක්ම වූ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම ඇමති ආරක්‍ෂක පරිවාර රථද හිමිව ඇත. සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු සඳහා …

Continue Reading

රෝසිගේ නිල කාමරයේ තිබූ ඓතිහාසික බුදු රුව අතුරුදන්! බේරෙන්න ජනපතිටත් බොරු කියයි!

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි. රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. කොළඹ මහ නගර …

Continue Reading

මාස්පතා මාධ්‍ය කතුවරු හමුවූ මහින්ද කීත් නොයාර් මාධ්‍යවේදියෙක්ද කියා දන්නේ නෑලූ. කිසිදෙයක් මතක නෑලු.. මහින්දය CIDයට දුන් කට උත්තරය මෙන්න

මාස්පතා මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවා “බ්‍රැක් ෆස්ට් පාටි”(Breakfast party) දෙමින් වක්‍රාකාරයෙන් බලපෑම් සහ අල්ලස් ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්, ද නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර ලෙස වධ හිංසා සිදු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ “කීත් නොයාර්” යනු මාධ්‍යවේදීයෙක් යැයි තමා නොදන්නා බවත්, එහෙම දෙයක් …

Continue Reading

ජනපති නියෝගයෙන් රුසියන් සැප සොයා යන්න ගිය මන්ත්‍රීවරුන්ගේ සංචාරයක් නවතී

ඌව පළාත් සභාව දැඩි මූල්‍ය අර්බුදයක පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළ අතර එම සංචාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ඊයේ (19) පැවසීය. රුසියාවේ සංචාරයක නිරතවීමට ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 34 දෙනාම සැලසුම් කළද ඌව පළාත් සභාව මේ වන විට මුහුණපා ඇති දැඩි …

Continue Reading

ජනමතයට පිටුපාන ආණ්ඩුවට එරෙහි විරෝධය 05 වනදා කොළඹට..

වත්මන් ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දු තීරණවලට එරෙහිව ලබන මස 5 වැනිදා අගනුවරදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය. යහපාලන ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් තීන්දු තීරණ හේතුවෙන් ආර්ථික, සමාජයීය හා දේශපාලනික අවුල්ජාලාවක් රට තුළ ඇති වී තිබෙන බවත් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මුළු රටම විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවත් මන්ත්‍රිවරයා …

Continue Reading

පෙරටුගාමීන්ගේ කුලී හේවායෝ ටිකක් අපේ විශ්වවිද්‍යාල ටික විනාශ කරනවා

විශ්වවිද්‍යාලවල සිටින සිංහල සිසු සිසුවියන් පිරිසක් සිංහල සමාජය විනාශ කරමින් සිටිනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සෙත්සිරිපායේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය. විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අතීතයේ පටන් යම් කිසි බලපෑමක් සිදු වුණත් ඒක ශාරීරික, මානසික පීඩනයකට බලපෑවේනැහැ. නමුත් අද වන විට මේ රටේ දරුණුතම පාතාලය විශ්වවිද්‍යාල …

Continue Reading

ජනපති මෛත්‍රී ඇනගත් තැනක් ඇමති රාජිත කියයි

‘ග්ලයිෆොසේට්’ පිළිකා සහ වකුගඩු රෝග සඳහා හේතුකාරක වන බව ඇමෙරිකානු අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ ලක් රජය ‘ග්ලයිෆොසේට්’ තහනම ඉවත් කර මාසයක් ගතවන අවස්ථාවේ බවත් රජය ගත් එම තීන්දුව යහපාලනය ක්‍රියාත්මක වන රටක් ලෙස ගනු ලැබූ වැරැදි තීන්දුවක්’ බවත් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති ‍වෛද්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි. රජය ගත් එම තීන්දුව වෙනස් කළ යුතුයි. ඇමෙරිකාවේ අධිකරණ තීන්දුවට අනුව ලෝකයේ සෑම …

Continue Reading

ඒකාධිපති රෙජීමයකින් මුදාගත් රටක ජනතාව නිදහසේ හුස්ම ගන්න හැටි

“පසුගිය වසර තුන අපට ලේසි පහසු වුණේ නෑ. අපි එදා 2015දී දේශපාලන සම්ප්‍රදායක් කඩකර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩකටයුතු කළා. එතුමා ජනාධිපති වුණාට පසු යළිත් සියලු දේශපාලන සම්ප්‍රදායන් කඩකර ජාතික ආණ්ඩුවක් හදා රට වෙනුවෙන් කටයුතු කළා. ගෙවුණු වසර තුන ජනතාවට හුස්ම ගන්න පුළුවන් වූ වසර තුනක් බවට පත් වුණා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා …

Continue Reading