අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසමකට ගෙන ආවේ යහපාලනය නිසයි – සන්ධාන මහලේකම්

යහපාලන ආණ්‌ඩුවක්‌ තිබෙන නිසා අගමැතිවරයකු පවා ජනාධිපති කොමිසම හමුවට ගෙනයැමට හැකිවූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අගමැතිවරයකු මෙවැනි කොමිසමකට ගොස්‌ කරුණු ඉදිරිපත් කළේ ප්‍රථම වතාවට බවත් එය රටට හොඳ ආදර්ශයක්‌ බව ද අමරවීර මහතා පැවසීය. ලෝක ධීවර දිනය 21 දාට යෙදීම නිමිත්තෙන් ධීවර අමාත්‍යාංශය, නාරා ආයතනය හා ධීවර දෙපාර්තමේන්තුව එක්‌ව මීගමුව පළඟතුරේ හා කුට්‌ටිදූව …

Continue Reading

පුංචි ඡන්දයට පොහොට්ටුවෙන් දිස්ත්‍රික්ක 3 කට මුදල් ඇප

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනක ආසන 16 ක් සඳහා අද ඇප මුදල් තැන්පත් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පානදුර , හොරණ, බේරුවල යන නගර සභාවන්ට සහ බණ්ඩාරගම හා අගලවත්ත යන ප්‍රාදේශීය සභාවන්ට හා බලපිටිය, අක්මීමන, නෙළුව යන ප්‍රාදේශීය සභාවන්ට ගම්පහදිස්ත්‍රික්කයේ ජා ඇල, මිනුවන්ගොඩ, වත්තල-මාබෝල සහ පෑලියගොඩ යන නගර සභාවන්ට …

Continue Reading

අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම ඉල්ලුවේ නෑ

අගමැතිකමවත් විපක්‍ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මේවා මඩ ගහන්න කරන බොරු ප්‍රචාරයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (26 දා) අහුන්ගල්ලේදී පැවැසීය. අමරපුර චූලගන්ධි මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති පූජ්‍ය වැලිතර අමරනන්ද ස්‌වාමීන්වහන්සේගේ 59 වන ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්‌ථානයේදී පැවැති පිංකමක්‌ අවසානයේදී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා කීය. අනුනාහිමියන්ගේ ජන්ම දිනය නිමිතිකරගෙන ශතාධික සංඝගත දක්‌ෂිණාවක්‌ද, ගැබිනි මාතාවන් …

Continue Reading

පළාත් පාලන ආයතන 93 ඡන්දයට සූදානම්

ගැසට්‌ නිවේදනය අද නාමයෝජනා කැඳවීම 11 දා සිට අභියාචනාධිකරණයේ වාරණයට අදාළ නොවන කිසිදු ගැටලුවක්‌ නොමැති පළාත් පාලන ආයතන 93 ක ඡන්ද විමසීම සිදුකිරීමට පෙරේදා (25 දා) රැස්‌ වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ලැබීය. ඒ අනුව අද (27 දා) එම ආයතනයට අදාළ නාමයෝජනා පත්‍ර කැඳවීමේ දින ඇතුළත් ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමටද එහිදී තීරණය කර ඇත. අද සිට ඉදිරියට දින 13 …

Continue Reading

කන්ට සූත්‍රය සහ ජාතික නිදහස් පෙරමුණ

ජාතික නිදහස් පෙරමුණ යනු විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් විමතික වූ පසු පිහිටුවාගත් පක්ෂය යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වල්ගයේ එල්ලී පාලන ආයතන වෙත පැන ගැනීම මෙම කණ්ඩායමේ මූලික දේශපාලන උපාය මාර්ගය යි. ජාතිවාදය වැපිරවීම ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කරන පහසු මාර්ගය යි. කෙසේ වෙතත් නිශ්චිත දේශපාලන මතවාදයක් නැති මෙවන් දේශපාලන කල්ලි මෙරට දේශපාලනයට කරන බලපෑම ද සුළුපටු නොවෙන්නේ …

Continue Reading

මෛත්‍රී-මහින්ද දීගයට බැසිල්ගෙන් කපොල්ලක්!

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා හිටපු පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රීලනිපයෙන් තරඟ කිරීමට ඒකඟතාවය පළකොට ඇති කොට ඇති අතර ඊට ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා අකුල් හෙලමින් සිටින බවට වාර්තාවේ. ඊට මුලික හේතුව බවට පත්ව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ හි.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන …

Continue Reading

කොළේ ඉරාගෙන,ඇගේ හලාගෙන,අඬාගෙන එන්න එපා!- මෙය කා හට කියන ලද්දක් ද..? (වීඩියෝ)

කොළේ ඉරාගෙන ඇගේ හලාගෙන අඬාගෙන එන්න එපා! මෙය කවුරුන් ඉලක්ක කොට කියන ලද්දක් ද..? (වීඩියෝ) වඩාත් නිවැරදි පිළිතුර කමෙන්ට් කරන්න.. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ……….. (01.මහින්ද රාජපක්ෂ / 02. සුජීව සේනසිංහ / 03. එක්සත් ජාතික පක්ෂය / 04. ෆයිසර් මුස්තාෆා / 05. ගෝඨාභය රාජපක්ෂ ) ඉලක්ක කොට කියන ලද්දකි.

Continue Reading

සබීතාගේ බදු ගිවිසුම අතුරුදහන්!

ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයිද එහි පිටපතක් හෝ සොයාගැනීමට නැතැයිද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. විවිධ පාර්ශවවලින් කෙරුණු පැමිණිලි මත පරීක්ෂණ සඳහා අල්ලස් කොමිසම විසින් එය රැගෙන ගොස් ඇතැයිද එහි කිසිදු පිටපතක් අමාත්‍යංශය සතුව නැතැයිද ඔහු ප්‍රකාශ කර ඇත. මසකට රුපියල් ලක්ෂ 210ක බදු කුලියක් ගෙවමින් …

Continue Reading

දූෂණයට එරෙහිව සටන් වදින බව ජනපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත් වු බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(24) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් පැවසීය. පැවති දූෂිත පාලනය වෙනස් කර …

Continue Reading

ෆයිසර්ට එරෙහි විශ්වාසභංගය කථානායකට; පක්ෂ ගණනාවක සහය

ඡන්දය නිසිකලට වේලාවට පැවැත්වීමට කටයුතු නොකිරීම නිසා පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා අමාත්‍යධුරයේ කටයුතු කිරීම පිළිබඳ විශ්වාසය භංග වී ඇතැයි පවසමින් ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුද ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක්‌ භාර දුන්හ. අනුර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නලීන්ද ජයතිස්‌ස සහ නිහාල් ගලප්පත්ති යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් මෙම විශ්වාස භංග යෝජනාව කථානායක කාර්යාලයේදී භාරදුන් අතර …

Continue Reading