මෛත්‍රී-මහින්ද දීගයට බැසිල්ගෙන් කපොල්ලක්!

Spread the love

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා හිටපු පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රීලනිපයෙන් තරඟ කිරීමට ඒකඟතාවය පළකොට ඇති කොට ඇති අතර ඊට ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා අකුල් හෙලමින් සිටින බවට වාර්තාවේ.

ඊට මුලික හේතුව බවට පත්ව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ හි.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන ගතවීමත් සමඟ බැසිල් රාජපක්ෂගේ පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයත් එම ව්‍යාපාරයත් මුළුමනින්ම අවසන් ගමන් යෑම සිදුවන නිසාවෙන් බවත් සඳහන්. යම් හෙයකින් මෙවර පළාත් පලාන මැතිවරණයට පොහොට්ටුවෙන් තරඟ නොකර සන්ධාන ගතව වෙනත් ලකුණකින් තරඟ කිරීමට තීරණය කළහොත් තමන් යළි කිසිලෙසකින් රාජපක්ෂ රෙජීමයේ අනාගතය වෙනුවෙන් දේශපාලන සංවිධාන ගොඩ නොනඟන බවට බැසිල් විසින් මහින්දට ඉතා තදින් පවසා ඇතැයිද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

කෙසේ වෙතත් මහින්ද සමඟ සිටින අතිබහුතරයක මතය බවට පත්ව ඇත්තේ, මෛත්‍රී දේශපාලනිකව හුදකලා වී ඇති මෙම අවස්ථාව කෙසේ හෝ ප්‍රයෝජනයට ගෙන රාජපක්ෂ පවුලේත් එම රෙජීමයට සම්බන්ධ සහචරයින්ගේත් දූෂණ, අපරාධ නඩු යටගසා ගැනීමේ හැකියාව උදාවන හෙයින් කුමන කොන්දේසියකට යටත් හෝ එක්වන ලෙස ඉල්ලා ඇත.

RSL

Related Posts