කන්ට සූත්‍රය සහ ජාතික නිදහස් පෙරමුණ

Spread the love

ජාතික නිදහස් පෙරමුණ යනු විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් විමතික වූ පසු පිහිටුවාගත් පක්ෂය යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වල්ගයේ එල්ලී පාලන ආයතන වෙත පැන ගැනීම මෙම කණ්ඩායමේ මූලික දේශපාලන උපාය මාර්ගය යි. ජාතිවාදය වැපිරවීම ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කරන පහසු මාර්ගය යි. කෙසේ වෙතත් නිශ්චිත දේශපාලන මතවාදයක් නැති මෙවන් දේශපාලන කල්ලි මෙරට දේශපාලනයට කරන බලපෑම ද සුළුපටු නොවෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන ආයුධය ජාතිවාදය බැවිනි.

පසුගිය කාලය පුරා ම විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ දිව්වේ එවක ආණ්ඩුවේ ඔහු දැරූ ඇමැති කට්ටේ පිහිටෙන් බව අපි මෙයට පෙරදු කියා ඇත්තෙමු. 2015 සිදු වූ බලහුවමාරුවෙන් පසු එය වඩාත් ස්ඵුට වූයේ ඇමැතිකම හරහා පක්ෂයේ සාමාජිකයන් කියාගන්නා අයවලුන් මහජන මුදල් ගසා කා ඇති අන්දම දෙස බැලූ විට ය. රජයේ වාහන පවා නැවත රජයටම කුලියට ලබා දී මුදල් ලබා ගෙන තිබුණි. වතුර බෝතලයෙන්, දිනපොතෙන් මුදල් ගසා කා ඇතිවා පමණක් නොව අපිදු දන්නා පරිදි ඔහුගේ පක්ෂයේ සියල්ලන්ම පාහේ යැපුණේ නිවාස අමාත්‍යංශයේ විවිධ තනතුරු වලිනි. මත්තේගොඩ නිවාස ව්‍යාපෘතිය ආදියේ දී ඔහුගේ ඥාති සංග්‍රහය හෙළිදරව් විණි. කෙසේ වෙතත් ඒ හෙළිදරව් වූ කිහිපයක් පමණි. හෙළිදරව් වූ කරුණු පවා දේශපාලන න්‍යායපත්‍රවලට අනුව දැන් හමස් පෙට්ටියට වැටී ඇති බවක් පෙනේ.

දැන් නැවතත් ඔහුගේ මේ ජාතික නිදහස් පෙරමුණ නම් කල්ලිය ගැන මාධ්‍ය කතාබහක් ඇති වී තිබේ. ඒ ඔහුගේ පක්ෂයේ සිදුවෙන බිඳීමක් ගැන යි. කෙසේ වෙතත් බිඳෙන්නට තරම් පක්ෂයක් තවත් ඔහුට නැති බව මුලින් ම කිව යුතු ය. ප්‍රියංජිත් විතාරණ ප්‍රධාන ලේකම්කමෙන් ඉල්ලා අස් වීලු. ලේකම්කමක් දරන්නට පක්ෂයක් තිබිය යුතු නොවේ ද?

කෙසේ වෙතත් මෙයින් පැනෙන ප්‍රධාන කරුණ නම් කන්ට සූත්‍රය අවුල් වී ගිය කල මෙවැනි කල්ලිවලට අත්වන ඉරණම යි. තම කල්ලිය පවත්වාගෙන යාමට නිශ්චිත දේශපාලන න්‍යායක් නැති කල ඒවා ගෙන ගිය හැකි වන්නේ කන්ට සූත්‍රයෙනි. ඇමැති කට්ටකින් කන්ට සූත්‍රය සම්පූර්ණ කළ හැකි ය. දැන් කාලයක පටන් කන්ට සූත්‍රය අවුල් වී ගොසිනි. යටත් පිරිසෙයින් ගසා කන්ට ක්‍රමයක් යටත් පිරිසෙයින් තව අවුරුදු දෙකකටවත් මොවුන්ට පෙනෙන්නට නැත.

ඉතින් කන්ට සූත්‍රය අවුල් වී ගිය කල සිදු වෙන මෙවන් නරි නාටක ගැන සවිඥානක දේශපාලන සමාජය කලබල විය යුතු නැත.

-නිවහල්-

RSL

Related Posts