ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයිද එහි පිටපතක් හෝ සොයාගැනීමට නැතැයිද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
විවිධ පාර්ශවවලින් කෙරුණු පැමිණිලි මත පරීක්ෂණ සඳහා අල්ලස් කොමිසම විසින් එය රැගෙන ගොස් ඇතැයිද එහි කිසිදු පිටපතක් අමාත්‍යංශය සතුව නැතැයිද ඔහු ප්‍රකාශ කර ඇත.
මසකට රුපියල් ලක්ෂ 210ක බදු කුලියක් ගෙවමින් පවතින මෙම ගොඩනැගිල්ල තවමත් කෘෂිකර්ම අමාත්‍යංශයට බාර දී නැති අතර ගිවිසුම අස්සන් කර මේ වනවිට වසර එකහමාරකට අධික කාලයක් ගතව තිබේ.
-ලංකාදීප-