නායකයින් බිහිවන්නේ මැතිවරණයකින් පමණයි – නාමල් රාජපක්ෂ

රටේ නායකයින් බිහි වන්නේ මැතිවරණයකින් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ සමුළුවක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු සඳහන් කළේ අරගලවලින් නායකයින් නිර්මාණය කළ නොහැකි බවයි. සමහරුන්ට පැය 13 ක් විදුලිය නොමැතිවීම අරගලක් වුවද, නැගෙනහිර පළාතේ මිනිසුන් මහ පොළොව සහ මහ මුහුද සමඟ ජීවත්වීමට අරගල කරන බවත්, පිල්යාන් මන්ත්‍රීවරයා, මහින්ද රාජපක්ෂ …

Continue Reading

2022 වසරේ ශිෂ්‍යත්වයට හා උසස් පෙළට දින නියම කෙරේ

2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් කේ.ඩී.ධර්මසේන සඳහන් කළේ. එසේම උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වී 2023 ජනවාරි 02 දක්වා පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් …

Continue Reading

ලංකාවේ අවිධිමත් ක්ෂේත්‍රවල සැබෑ වැටුප් පහත වැටිලා – Economy Next

ශ්‍රී ලංකාවේ අවිධිමත් ක්ෂේත්‍රවල වැටුප් නාමික වශයෙන් ඉහළ ගියද උද්ධමනය හමුවේ සැබෑ ලෙස පහත වැටීමක් සිදුව ඇති බව ECONOMY NEXT වෙබ් අඩවිය පවසනවා. 2021 වසරේ ජුනි මාසේ සිට 2022 වසරේ ජුනි මාසය දක්වා මාස 12 ක කාලය තුළ නිල දත්ත ඇගයීම මඟින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ නාමික වැටුප් 2022 ජුනි මාසයෙන් අවසන් වූ පසුගිය මාස 12 …

Continue Reading

කාළගුණයෙන් රතු නිවේදනයක්

තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මිලි මීටර 150ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. නාය යාම් අවධානම් සහිත ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමිසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා …

Continue Reading

දුරකථන සේවා ගාස්තු අද සිට වෙනස් වෙයි

දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වනවා. සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, මීට පෙර පැවති කාඩ්පත්වල මිල ගණන් වෙනස්වී ඇති බවයි. එමෙන්ම පෙර පැවති රුපියල් 49, 99 ඇතුළු අනෙකුත් අගයන් රීලෝඩ් කළහොත් පාරිභෝගිකයින් බලාපොරොත්තු වන ඩේටා සහ පැකේජ ක්‍රියාත්මක නොවන බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

අපනයන ආර්ථිකයක් ගොඩනැංවීමට එක්වන්න – ජනපති

ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිතයින් සමඟ පසුගියදා (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ආරම්භය අපහසු වුවද ඉදිරියට යාමේදී වර්ධනයක් ළඟා කරගත හැකි බවයි. එසේම අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අදහස් වෙනස් …

Continue Reading

IMF කාර්යමණ්ඩල ගිවිසුම පාර්ලිමේන්තුවෙන් සම්මත කර නැහැ – හර්ෂ

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් කාර්යමණ්ඩල ගිවිසුම එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. මුදල් පිළිබඳ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් එය පාර්ලිමේන්තුවේ සම්මත වීමක් සිදුවී නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඒ අනුව එය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ හොත් මුදල් කාරක සභාවේ සභාපති ලෙස තමන් තීරණක් ගන්නා බවයි පාර්ලිමේන්තු …

Continue Reading

ආයෝජකයින් සුරක්ෂිත කිරීමට කාර්ය සාධක බලකා 08ක්

ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා 08ක් ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බලකායන් බලගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීම, ව්‍යාපාර දේපළක් ලියාපදිංච් කිරීම, ණය ලබා ගැනීම, සුළු පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම, …

Continue Reading

කොටි ඉන්ධන ටැංකියක් පුදුකුඩිරිප්පුවෙන්

යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කොට මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක වළදමා තිබූ ඉන්ධන ටැංකියක් මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය. මුලතිව් යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත පුදුකුඩිරිප්පු පොලිසිය හා එක්ව අධිකරණ නියෝග මත සිදුකළ කැණීම් වලදී මෙම ඉන්ධන ටැංකිය සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසීය. දිගින් අඩි 16.7 සහ අඩි අටක විශ්කම්භයෙන් යුත් මෙම ඉන්ධන ටැංකිය පසුගිය …

Continue Reading

ඩොලර් කෝටි 150ක ගල් අඟුරු ජාවාරමක් සිදුවෙනවා – සරත් ෆොන්සේකා

පාර්ලිමේන්තුවට පැමිණ වැදි බණ පැවසුවද මේ වන විටත් ආණ්ඩුව පාර්ශවයේ අය ජාවාරම් කරමින් සිටන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඩොලර් කෝටි 150ක ගල් අඟුරු කොන්ත්‍රාත්තුවක් ආණ්ඩුව අත්සන් කරන බවද, එය ටෙන්ඩර් පටිපාටියෙන් පිටත සිදුවන්නක් බවද ඔහු හෙළිදරව් කර සිටිනවා. අදාළ ගල් අඟුරු සපයන සමාගමේ ප්‍රධානියා රාජපක්ෂ පවුලේ බව තමන්ට ​​තොරතුරු ලැබී ඇති බවද, ඊට එක්සත් ජාතික පක්ෂයේ …

Continue Reading