IMF එකෙන් ලැබෙන්නේ විශාල ජනතා කැළඹීමක් විතරයි – වාසුදේව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආණ්ඩුවට බලාපොරොත්තු විය හැක්කේ විශාල ජනතා කැළඹීමක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර පවසනවා. මීට පෙර මෙරටට ඉන්දියාවෙන් රුපියල් බිලියන 3ක ණය ලැබුනු බවද, එම ණය මේ වන විට භාවිතා කරද අවසන් බව ඔහු පෙන්වා දෙනවා. ඊට සාපේක්ෂව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදෙන්නේ කොන්දේසි පනවමින් බව​ද, එම කොන්දේසි බො​හෝ දුශ්කර හෙයින් ඒ හරහා ආණ්ඩුවට ලැබෙනු ඇත්තේ …

Continue Reading

අර්බුදයට හේතුව මහ බැංකු අධිපති කියයි

ඉකුත් අප්‍රේල් මාසයේ ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී තිබූ බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඉදිරි වසර කිහිපයේදී නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකළහොත් යළිත් මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ. 2019 …

Continue Reading

ලිට්‍රෝ ගෑස් මිල යළි පහතට

ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව එළඹෙන සඳුදා (05) දිනයේ සිට මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Continue Reading

මෝල් හිමියෙකුගේ එක කන්නයක ලාබය රුපියල් බිලියන 50යි

මෙරට මහා පරිමාණ වී මෝල් හිමියකුගේ එක කන්නයක ලාභය රුපියල් බිලියන සීයක් බවක් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඒ අනුව අවුරුද්දේ කන්න දෙකේදී ඔහුගේ ලාභය රුපියල් බිලියන සීයක් බව ද හෙතෙම පැවසීය. නමුත් ආදායම් බදු ලෙස ඔහු ගෙවන්නේ රුපියල් ලක්ෂ නමයක පමණ මුදලක් බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. මෙරට මහා පරිමාණ මෝල් හිමියන් හතරදෙනෙකු මේ ආකාරයෙන් මුදල් උපයන …

Continue Reading

බැංකු පෞද්ගලීකරණයට

බැංකු විනාශ කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොකර බැංකු පෞද්ගලීකරණය කිරීම අර්බුදයට විසඳුමක් නොවන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් සියල්ල විසඳෙන්නේ නැති බව ද ඒ මහතා පෙන්වා දෙයි. රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, මුදල් ඇමැති ලෙස සිදු කළ අයවැය කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ දී අදහස් දක්වමින් රණවක මහතා වැඩිදුරටත් අවධාරණය …

Continue Reading

දරුවන් වෙනුවෙන් හිඟා කන්න සූදානම් – සුසිල්

හිඟා කාල හරි පාසල්  දරුවන්ට ආහාර වේලක් ලබාදීමට හැකිනම් තමා  එය කරන බව  සභානායක, අධ්‍යාපන  අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (1) පැවැසීය දරුවන් වෙනුවෙන් යමක් කිරීමට හැකිනම් එය කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේ‍ය. ඔහු මෙසේ පැවසුවේ ප්‍රේමජයන්ත අමාත්‍යවරයා   සිඟා කමින් ආධාර එකතු කරන බවට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මැති සබයේදී  ඊට පෙර …

Continue Reading

වී ගන්න දුන් මිලියන 300ක් පරණ ණයකට හිලව්

ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවකට බැරකළ රුපියල් මිලියන 300ක මුදලක් අදාල බැංකුව විසින් රඳවා තබා ගැනීම නිසා වී ලබා දුන් ගොවීන්ට ගෙවීමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ප්‍රසිද්ද මාද්‍ය වෙත පවසා ඇත. වී අලෙවි මණ්ඩලය අදාළ රාජ්‍ය බැංකුවට ණය වාරිකයක් ගෙවීමට ඇතැයි කියා මෙම මුදල රඳවා ගෙන තිබෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් …

Continue Reading

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට නව ඒකකයක්

රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කිරීමටද අතුරු අයවැය මඟින් යෝජනා කර තිබෙනවා. ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ඉහළම රාජ්‍ය මූල්‍ය අවදානම් තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙන් රජය විසින් මෙම නව ඒකකය පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් …

Continue Reading

මහජන විමසීම් වලට සතියක් තුළ පිළිතුරු ලබාදිය යුතුයි

රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. කොවිඩ් සංගත තත්ත්වය සහ ඉන්පසු ඇති වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් මහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වී ඇති …

Continue Reading

නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 සිට

නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදිවූ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙසයි සැලකෙන්නේ. මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙරට ජනතාවට රුපියල් 500 හෝ රුපියල් 2000 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන එයට ඇතුළුවීමේ හැකියාව පවතිනවා. රුපියල් 2000 ප්‍රවේශ පත්‍ර ලබාගන්නා අයෙකුට පෝළිම්වල නොසිට අවස්ථා කිහිපයකදීම කුළුණේ …

Continue Reading