මෝල් හිමියෙකුගේ එක කන්නයක ලාබය රුපියල් බිලියන 50යි

Spread the love

මෙරට මහා පරිමාණ වී මෝල් හිමියකුගේ එක කන්නයක ලාභය රුපියල් බිලියන සීයක් බවක් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව අවුරුද්දේ කන්න දෙකේදී ඔහුගේ ලාභය රුපියල් බිලියන සීයක් බව ද හෙතෙම පැවසීය.

නමුත් ආදායම් බදු ලෙස ඔහු ගෙවන්නේ රුපියල් ලක්ෂ නමයක පමණ මුදලක් බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මෙරට මහා පරිමාණ මෝල් හිමියන් හතරදෙනෙකු මේ ආකාරයෙන් මුදල් උපයන බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Related Posts