අර්බුදයට හේතුව මහ බැංකු අධිපති කියයි

Spread the love

ඉකුත් අප්‍රේල් මාසයේ ණය ගෙවිය නොහැකි රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වී තිබූ බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඉදිරි වසර කිහිපයේදී නිවැරදි ලෙස ක්‍රියාත්මක නොකළහොත් යළිත් මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

2019 වසරේදී කළ බදු කප්පාදුව සහ ණය ගෙවීම සඳහා විශාල වශයෙන් මුදල් අච්චුගැසීම වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවූ බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

Related Posts