කාළගුණයෙන් රතු නිවේදනයක්

Spread the love

තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මිලි මීටර 150ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නාය යාම් අවධානම් සහිත ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමිසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related Posts