ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව 22 වන සංශෝධනය බලාත්මක කරනවා

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණයේ යෝජිත වෙනස්කම්වලට අනුව ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ පවසනවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා. ඒ අනුව, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් …

Continue Reading

දෛනිකව පිරවුම්හල් 300ක් වැසෙන කතාව අසත්‍යයක් – CEYPETCO

ඉන්ධන නොමැතිව දෛනිකව ඉන්ධන පිරවුම්හල් 300ක් පමණ වසාදැමීමට සිදුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පවතින ඉන්ධන තොග සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සාධාරණ පදනමකින් බෙදාහැරීමට අවශ්‍ය බැවින් විධිමත් කළමනාකරණයකින් යුක්තව ඉන්ධන තොග බෙදාහැරීමට ගෙන ඇති තීරණ අනුව යම් යම් තාවකාලික හා කෙටිකාලීන සීමාකම් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් …

Continue Reading

ජනතාව සොයන නව මාර්ගය අපි නිර්මාණය කරනවා – විමල්

උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ලබන 18 වනදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. මෙම සභාගය දේශපාලන පක්ෂවලට කොටු වූ සභාගයක් නොවන බවත් වෙනත් සන්ධාන සමඟ සැසඳීමේදී මෙය වෙනස් සභාගයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. රටේ ජනතාව නව මාර්ගයක් සොයමින් ඇති බවත්, එම නව මාර්ගය තමන් විසින් නිර්මාණය කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ …

Continue Reading

ආර්.එම්.වී. විද්‍යුත් කාඩ්පත් හඳුන්වා දෙයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් (ආර්.එම්.වී.)ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ආරම්භ කළ බව රථ ප්‍රවාහන කොමසාරිස් කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සියලුම සේවාවලදී ජනතාවට ඉදිරියේදී  විද්‍යුත් කාඩ්පත් යොදාගත හැකි බවත්  බොහෝ ගනුදෙනුවලදී කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් තිබීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කළ බවත් ඇය …

Continue Reading

දෛනිකව පිරවුම්හල් 400 ක් වසා දැමිමට සිදුවෙනවා

පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමත් සමඟ දෛනිකව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන ලැබීමේ ගැටලු හේතුවෙන් පිරවුම්හල් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වසා දැමීමට සිදුවන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන නිකුත් කරන්නේ ප්‍රමුඛතා ලේඛනයක් අනුව බවත් එම ලේඛනයට අනුව දිනපතා සෑම ඉන්ධන පිරවුහලකටම ඉන්ධන නොලැබෙන බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර …

Continue Reading

මූල්‍ය ආධාර ලැබිය යුතු පිරිස් හඳුනා ගැනීමට නව ක්‍රමවේදයක්

පවතින ආර්ථික අර්බුදය හමුවේ සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත දීමනා සහ සැබැවින්ම මූල්‍ය ආධාර ලැබිය යුතු පිරිස් හඳුනා ගැනීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වාදීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදාළ දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් දැනට කොපමණ පිරිසක් ප්‍රතිලාභ ලබන්නේද සහ කොපමණ පිරිසක් මේ සඳහා බඳවාගත යුතුද යන්න සම්බන්ධයෙන් දත්ත පද්ධතියක් සකස් කර ගැනීම …

Continue Reading

ජනතා අනුමැතිය ඇති ආණ්ඩුවක් පැවතිය යුතු යැයි IMF කොන්දේසියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී ආර්ථිකමය කොන්දේසිවලට අමතරව දේශපාලන කොන්දේසි කිහිපයක්ද පනවා ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා. ඒ අනුව ජනතා අනුමැතිය ඇති ආණ්ඩුවක් සිටිය යුතු බවට සහ දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට මෙන්ම සමාජ ආරක්ෂණයට ජනතාවට තහවුරුවිය යුතු බවට වන කොන්දේසි එහි ඇතුළත් බවයි මන්ත්‍රීවරිය සඳහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදුන් …

Continue Reading

අයවැය යෝජනා ක්‍රියාවට නැංවීමට කමිටුවක් පත්කෙරේ

මේ වසරේ අතුරු අයවැය යෝජනාවට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අතුරු අයවැය යෝජනා ක්‍රියාවට නැංවීමේ කඩිනම් පියවරක් ලෙස එම කමිටුව පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය …

Continue Reading

පොහොර නැවේ කෝටි 138 නිලධාරින්ට ගෙවන්න වෙයි

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් ( චීන පොහොර නැව) වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් ( ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩුවූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත. එසේම නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම …

Continue Reading

සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍යයි – ජනපති

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා. මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම පසුගිය (03) වනදා ජනාධිපති කාර්යාලයේදී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කරන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති …

Continue Reading