දෛනිකව පිරවුම්හල් 400 ක් වසා දැමිමට සිදුවෙනවා

Spread the love

පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමත් සමඟ දෛනිකව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන ලැබීමේ ගැටලු හේතුවෙන් පිරවුම්හල් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වසා දැමීමට සිදුවන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන නිකුත් කරන්නේ ප්‍රමුඛතා ලේඛනයක් අනුව බවත් එම ලේඛනයට අනුව දිනපතා සෑම ඉන්ධන පිරවුහලකටම ඉන්ධන නොලැබෙන බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සඳහන් කළේ.

ඒ හේතුවෙන් ඉන්ධන නොලැබෙන පිරවුම්හල් එදිනට වසා දැමීමට සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts