මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් (ආර්.එම්.වී.)ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ආරම්භ කළ බව රථ ප්‍රවාහන කොමසාරිස් කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය.

මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සියලුම සේවාවලදී ජනතාවට ඉදිරියේදී  විද්‍යුත් කාඩ්පත් යොදාගත හැකි බවත්  බොහෝ ගනුදෙනුවලදී කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් තිබීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කළ බවත් ඇය කීවාය.