ජනතාව සොයන නව මාර්ගය අපි නිර්මාණය කරනවා – විමල්

Spread the love

උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ලබන 18 වනදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

මෙම සභාගය දේශපාලන පක්ෂවලට කොටු වූ සභාගයක් නොවන බවත් වෙනත් සන්ධාන සමඟ සැසඳීමේදී මෙය වෙනස් සභාගයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටේ ජනතාව නව මාර්ගයක් සොයමින් ඇති බවත්, එම නව මාර්ගය තමන් විසින් නිර්මාණය කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts