ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව 22 වන සංශෝධනය බලාත්මක කරනවා

Spread the love

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණයේ යෝජිත වෙනස්කම්වලට අනුව ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ පවසනවා.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා.

ඒ අනුව, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් එසේ නොමැති නම් අදාළ වගන්ති සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

Related Posts