ආයෝජකයින් සුරක්ෂිත කිරීමට කාර්ය සාධක බලකා 08ක්

Spread the love

ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා 08ක් ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බලකායන් බලගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීම, ව්‍යාපාර දේපළක් ලියාපදිංච් කිරීම, ණය ලබා ගැනීම, සුළු පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම, දේශ සීමා හරහා වන වෙළඳාම්, බදු ගෙවීම යනාදී ක්ෂේත්‍ර 8ක් මූලික කර ගනිමින් ව්‍යාපර කටයුතුවලට අදාළව සේවා සපයන රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරන රෙගුලාසි හා ක්‍රියා පටිපාටි සියල්ල ආවරණය වන පරිදි මෙම බලකායන් බලාත්මක වනවා.

Related Posts