IMF කාර්යමණ්ඩල ගිවිසුම පාර්ලිමේන්තුවෙන් සම්මත කර නැහැ – හර්ෂ

Spread the love

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් කාර්යමණ්ඩල ගිවිසුම එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මුදල් පිළිබඳ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් එය පාර්ලිමේන්තුවේ සම්මත වීමක් සිදුවී නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව එය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ හොත් මුදල් කාරක සභාවේ සභාපති ලෙස තමන් තීරණක් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts