ලංකාවේ අවිධිමත් ක්ෂේත්‍රවල සැබෑ වැටුප් පහත වැටිලා – Economy Next

Spread the love

ශ්‍රී ලංකාවේ අවිධිමත් ක්ෂේත්‍රවල වැටුප් නාමික වශයෙන් ඉහළ ගියද උද්ධමනය හමුවේ සැබෑ ලෙස පහත වැටීමක් සිදුව ඇති බව ECONOMY NEXT වෙබ් අඩවිය පවසනවා.

2021 වසරේ ජුනි මාසේ සිට 2022 වසරේ ජුනි මාසය දක්වා මාස 12 ක කාලය තුළ නිල දත්ත ඇගයීම මඟින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ නාමික වැටුප් 2022 ජුනි මාසයෙන් අවසන් වූ පසුගිය මාස 12 තුළ 28% කින් ඉහළ ගොස් ඇති නමුත් උද්ධමනය හමුවේ සැබෑ වැටුප 11% කින් පහත වැටී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අවිධිමත් කර්මාන්ත අංශයේ වැටුප්ද 26% කින් ඉහළ ගොස් තිබුණද පසුගිය වසරක කාලය තුළ සැබෑ වැටුප 20% කින් පහත වැටී ඇති අතර අවිධිමත් සේවා අංශයේ වැටුප්ද පසුගිය වසරක කාලය තුළ 30% කින් ඉහළ ගොස් තිබුණද උද්ධමනය හමුවේ සැබෑ වැටුප 17.9% කින් පහත වැටී ඇති බව එම වෙබ් අඩවිය සඳහන් කරනවා.

Related Posts