බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සිව්දින නිල සංචාරයක් සඳහා සඳුදා නවදිල්ලියට පැමිණියාය.දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි.

මෙම සංචාරයේදී ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එහිදී ආරක්‍ෂක සහයෝගීතාව, වෙළෙඳාම සහ සම්බන්ධතාව, පොදු ගංගාවල ජලය බෙදාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙරටේ නායකයන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාගේ ඉන්දීය සංචාරය මගින් ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් වන බවයි. තවද දෙරට අතර බහුවිධ සබඳතාව දෙරටටම ඵලදායි ආර්ථික ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට ගමන් කරනු ඇති බවයි.

ඇය මීට ප්‍රථම 2019 ද ඉන්දියාවේ සාර්ථක සංචාරයක නිරත වූවාය. සංචාරය අතරතුර දී ග්ලාදේශ් අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද හමුවීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ අගමැති මෝදි යන දෙදෙනාම බංග්ලාදේශයේ නිදහසේ 50 වැනි සංවත්සරය, ද්විපාර්ශ්වික සබඳතාවයේ 50 වසර සහ ෂේක් මුජිබර් රහ්මාන්ගේ 100 වැනි උපන්දිනය සනිටුහන් කිරීමට 2021 දී බංග්ලාදේශයට රාජ්‍ය සංචාරයක නිරත වූහ.

ඉන්දියාවේ සහයෝගිතාව ආරක්‍ෂාව, වෙළෙඳාම සහ වාණිජ්‍යය, බලශක්තිය, ප්‍රවාහනය සහ සම්බන්ධතාව, විද්‍යාව සහ තාක්‍ෂණය,, ගංගා සහ සමුද්‍ර කටයුතු ඇතුළු සියලුම ක්ෂේත්‍ර වෙත විහිදේ.ඉන්දියාවේ “අසල්වැසි ප්‍රථම” ප්‍රතිපත්තිය යටතේ බංග්ලාදේශය වැදගත් හවුල්කරුවෙකි.

පසුගිය වසර පහ තුළ දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 9 සිට ඩොලර් බිලියන 18 දක්වා වර්ධනය වී තිබේ.බංග්ලාදේශය දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ විශාලතම වෙළඳ සහකරු වේ.

මූල්‍ය වර්ෂ 2020-21 දී බංග්ලාදේශය විසින් ඉන්දියාවට සිදු කරන අපනයන පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 9.69 සිට මූල්‍ය වර්ෂ 2021-22 වන විට අපනයන පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 16.15 දක්වා 66% කට වඩා වැඩි වර්ධනයක් අත්කර ගෙන ඇත. එමෙන්ම ඉන්දියාව සඳහා 4 වන විශාලතම අපනයන ගමනාන්තය බවට පත්ව ඇත.

බංග්ලාදේශය ඉන්දියාවේ විශාලතම සංවර්ධන හවුල්කරු වේ.සංවර්ධන ආධාර ව්‍යාපෘති මගින් දුම්රිය මාර්ග, මාර්ග සහ ප්‍රවාහනය, බලශක්ති උත්පාදනය සහ සම්ප්‍රේෂණය, අභ්‍යන්තර ජල මාර්ග, වරාය සහ නාවික, ආර්ථික කලාප, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ඛනිජ රසායන, පුනර්ජනනීය බලශක්ති, අපද්‍රව්‍ය කළමනාකරණය සහ ගුවන් සේවා වැනි විවිධ ක්ෂේත්‍ර ආවරණය කරයි.