බදු සංශෝධන සිදුකළ යුත්තේ ජනතාවට දරාගත හැකි ලෙසයි
-
Editor
-
October 13, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
රජය ඉදිරිපත් කර ඇති ඒකාධිපති බදු සංශෝධන තවදුරටත් විශ්ලේෂණය කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, බදු සංශෝධන සිදුවිය යුතු බවට පිළිගන්නා බවත් එය සිදුවිය යුත්තේ ජනතාවට දරාගත හැකි ආකාරයට බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා විශාල ආයතන විනාශ නොවන ආකාරයට මෙම ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් සැත්කම් සිදු …
Continue Reading
දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීමක් – ජනපති
-
Editor
-
October 13, 2022
-
දේශපාලන
-
0 Comments
දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලීසියට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා. ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා …
Continue Reading
මහ කන්නය සඳහා යූරියා බෙදා හැරීම ඇරඹේ
-
Editor
-
October 13, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ගොවි සංවිධාන විසින් කළ ඉල්ලීම් පරිදි මෙම යූරියා පෙහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා කාලය …
Continue Reading
කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණයට අදාල ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ජපානය අතර
කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදුකර තිබෙනවා. පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකෝෂි හිදෙකි ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක ද නිරතවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය …
Continue Reading
බලශක්ති ඇමති හා කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක්
-
Editor
-
October 11, 2022
-
දේශපාලන
-
0 Comments
මෙරට කර්මාන්තකරුවන් සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි උපරිම පහසුකම් සලසා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එකඟතාවය පළකර තිබෙනවා. කර්මාන්ත අභිවෘද්ධිය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා , විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ කර්මාන්තකරුවන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. දෛනික විදුලි කප්පාදුව , විදුලි මිල සංශෝධනය මෙන්ම ඉන්ධන සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව කරුණු මෙහිදී …
Continue Reading
ලබන වසරේ ලෝක ආර්ථික අවපාතයක්
-
Editor
-
October 11, 2022
-
විදේශීය
-
0 Comments
ලබන වසරේදී ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පැනනැගී ඇති බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්ෆාස් පවසනවා. ඒ අනුව එහිදී දියුණු ආර්ථිකයන් හි වර්ධන වේගය මන්දගාමී වීමක් අපේක්ෂා කළ හැකි බවත්, යුරෝපයේද එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. එසේම සංවර්ධනය වෙමින් පවත්නා රටවල ණයබර තවදුරටත් ඉහළ යන අතර පොලී අනුපාත ඉහළ යාමෙන් ඊට අමතර බරක් එක්විය හැකි බවද, …
Continue Reading
මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්
-
Editor
-
October 11, 2022
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
පසුගිය සැප්තැම්බර් මාසයේදි මෙරටට විදෙස් සංචාරකයින් 29,802 ක් පැමිණ ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙනවා. එසේම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින් 526,232 ක් දිවයිනට පැමිණ ඇති අතර 2021 වසරේ එම කාල සීමාව හා සසඳන විට එය 1287.6% ක වර්ධනයක් බවයි සඳහන් වන්නේ. එම කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉපයු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 946.4ක් …
Continue Reading
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු T20 පුහුණු තරඟය අද
-
Editor
-
October 11, 2022
-
ක්‍රීඩා
-
0 Comments
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 5 ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 57 ක් ලබා සිටිනවා. පැතුම් නිස්සංක ලකුණු 21 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 34 ක් ලබා මේ …
Continue Reading
භූතයින්ට අඬනවා වගේ රඟපාන්න පුළුවන්
-
Editor
-
October 10, 2022
-
දේශපාලන
-
0 Comments
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිටුපස සිට මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ බව මෙතෙක් කල් තමා ඇතුළු පිරිස් අනුමාන කර මාධ්‍ය හමුවල පැවසූ දෙය, ඊයේ රැස්වීමක් කැඳවා ජාතියටම ඔවුන් ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. විනාශ වූ පිරිස් යළි නැගිටින බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවද, මිය ගිය පසු නැවත පැමිණෙන්නේ භූතයින් හා හොල්මන් පමණක් බවද, එසේ භූතයින් හා හොල්මන් …
Continue Reading
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි
-
Editor
-
October 10, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම මාර්ගයේ පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් පසුගිය 07 වෙනිදා රාත්‍රියේ 8:30 සිට ඊයේ (09) රාත්‍රිය දක්වා එම කොටස තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබුණා. ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබුණා.
Continue Reading