බලශක්ති ඇමති හා කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක්

Spread the love

මෙරට කර්මාන්තකරුවන් සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි උපරිම පහසුකම් සලසා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එකඟතාවය පළකර තිබෙනවා.

කර්මාන්ත අභිවෘද්ධිය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා , විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ කර්මාන්තකරුවන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

දෛනික විදුලි කප්පාදුව , විදුලි මිල සංශෝධනය මෙන්ම ඉන්ධන සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව කරුණු මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම කර්මාන්තකරුවන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වඩාත් යොමුකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමටත් , බලශක්ති ප්‍රභවයන් හමුවේ උපරිම ඵලදායිතාවය ගෙන දෙන ගෝලීය ව්‍යාපෘතීන් කෙරෙහි අවධානය යොමු කිරීමටත් , ඒ සදහා ලෝකයේ නව දැනුම හා තාක්ෂණය මෙරටට අනුගත කරගැනීමට ඇති හැකියාව පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.

Related Posts