කාබන් හර කිරී‍මේ ඒකාබද්ධ යාන්ත්‍රණයට අදාල ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ජපානය අතර

Spread the love

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදුකර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකෝෂි හිදෙකි ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක ද නිරතවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජපානය, ගෝලීය උණුසුමට හේතුවන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගෝලීය ප්‍රජාව විසින් පිහිටුවා ගන්නා ලද කියතෝ සංවිධානයෙහි දෙවන ධුර කාලයෙන් (2013 – 2020) ඉවත්වීමෙන් පසුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට දායකවීම උදෙසා 2013 වසරේ දී ද්විපාර්ශ්වික ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදී තිබෙනවා.

දැනට මෙම වැඩසටහන මොන්ගෝලියාව, බංගලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව, මාලදිවයින, වියට්නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, කොස්ටරිකා, පලාවු, කාම්බෝජියාව, මෙක්සිකෝව, සවුදි අරාබිය, චිලී, මියන්මාරය, තායිලන්තය හා පිලිපීනය යන රටවල් 17 ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

Related Posts