ඉන්දියාව විසින් සිය පුරවැසියන්ට යුක්‍රේනයට සිදුකරන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස උපදෙස් දී ඇත. යුක්රේනයේ සතුරුකම් උග්‍රවීම මධ්‍යයේ, පළාත් පාලන ආයතන විසින් නිකුත් කරන ලද ආරක්ෂක මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස ඉන්දියාව ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

රුසියාව විසින් කියෙව් ඇතුළු යුක්රේන නගර කිහිපයකට එරෙහිව ගුවන් ප්‍රහාර සිදු කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම උපදේශනය නිකුත් කරන ලදී.

කියෙව්හි ඉන්දීය තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදේශනයේ දැක්වූයේ යුක්රේනයට සිදු කරන අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාරවලින් වැළකී සිටින ලෙස ඉන්දීය ජාතිකයින්ට උපදෙස් නිකුත් කරන ලද බවයි. ඔවුන් යුක්රේන රජය සහ පළාත් පාලන ආයතන විසින් නිකුත් කරන ආරක්ෂක මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතුය යැයි එම උපදේශනයේ වැඩිදුරටත් දක්වා තිබිණ.

අවශ්‍ය අවස්ථාවලදී තානාපති කාර්යාලයට ඔවුන් වෙත ළඟා වීමට හැකි වන පරිදි යුක්රේනයේ සිටින ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස එම උපදේශනය මගින් ඉන්දියානු ජාතිකයන්ගෙන් ඉල්ලා ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක අරින්දම් බග්චි පැවසුවේ, යටිතල පහසුකම් ඉලක්ක කිරීම සහ සිවිල් වැසියන්ගේ මරණ ඇතුළු යුක්රේනයේ ගැටුම් උත්සන්න වීම පිළිබඳව ඉන්දියාව කනගාටුවට පත් වන බවයි. ඔහු මේ බව පැවසූයේ නවදිල්ලියේදී මාධ්‍ය හමුවේ ප්‍රතිචාර දක්වමින් ය.

සතුරුකම් උත්සන්න කිරීම “කිසිවෙකුගේ අවශ්‍යතාවයක් නොවන” බව ඔහු නැවත අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී බග්චි වැඩිදුරටත් පැවසූයේ රාජ්‍ය තාන්ත්‍රික හා සංවාදයේ මාවතට ඉක්මනින් නැවත යා යුතු බවට ඉන්දියාව ඉල්ලා සිටින බවයි. එමෙන්ම සංවාදයේ මාවත අරමුණු කරගත් සියලු ප්‍රයත්නයන්ට සහාය වීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

ගෝලීය පිළිවෙල එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ජාත්‍යන්තර නීතිය සහ සියලු රාජ්‍යවල ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම යන මූලධර්මවල නැංගුරම් ලා ඇති බව ගැටුම ආරම්භයේ සිටම ඉන්දියාවේ ස්ථාවරය එලෙසම පවති.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්