ලබන වසරේ ලෝක ආර්ථික අවපාතයක්

Spread the love

ලබන වසරේදී ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පැනනැගී ඇති බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්ෆාස් පවසනවා.

ඒ අනුව එහිදී දියුණු ආර්ථිකයන් හි වර්ධන වේගය මන්දගාමී වීමක් අපේක්ෂා කළ හැකි බවත්, යුරෝපයේද එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

එසේම සංවර්ධනය වෙමින් පවත්නා රටවල ණයබර තවදුරටත් ඉහළ යන අතර පොලී අනුපාත ඉහළ යාමෙන් ඊට අමතර බරක් එක්විය හැකි බවද, උද්ධමනය පාලනය කිරීම අභියෝගයක් වන අතර මෙම තත්ත්වයන්හි වැඩිම බලපෑමක් ඇති වන්නේ දුප්පත් රටවලට බවද ලෝක බැංකුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Related Posts