බදු සංශෝධන සිදුකළ යුත්තේ ජනතාවට දරාගත හැකි ලෙසයි

Spread the love

රජය ඉදිරිපත් කර ඇති ඒකාධිපති බදු සංශෝධන තවදුරටත් විශ්ලේෂණය කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, බදු සංශෝධන සිදුවිය යුතු බවට පිළිගන්නා බවත් එය සිදුවිය යුත්තේ ජනතාවට දරාගත හැකි ආකාරයට බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා විශාල ආයතන විනාශ නොවන ආකාරයට මෙම ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් සැත්කම් සිදු කළ යුත්තේ රෝගියාව මරා දැමීමට නොව බේරා ගැනීමට බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පෙර පැවති රජය සහ නිලධාරීන් බදු වෙනුවට මුදල් මුද්‍රණය කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට ආහාර උද්ධමනය 94% ඉක්මවා ඇති බවයි හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts