ශ්‍රී ලංකාවේ ජනතාවෙන් 42% ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණය වෙයි

Spread the love

පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසනවා.

ඒ අනුව දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාළ සඳහන් කළේ.

2019 ලක්ෂ 30කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් දරිද්‍රතා මායිමට පහළින් ජීවත් වූ බවත් නමුත් ඒ ප්‍රමාණය අද වෙනවිට ලක්ෂ 96 දක්වා වැඩිවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ලාංකික සමාජයේ ජීවත් වන ජනතාවගෙන් 42% ක් පමණ මේ වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙන බවට එම අධ්‍යනයෙන් අනාවරණය වූ බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාළ වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts