අරගලයේ ජනතා විරු සමරුව අතරතුර පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

අරගලයේ ජනතා විරු සමරුව අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. අරගලයේ ජනතා විරු සමරුව සඳහා ගාලුමුවදොර පිටියට විශාල පිරිසක් ඉයේ රැස්ව සිටි අතර එහිදී සාමකාමී විරෝධතා පාගමන පොලිසිය අවහිර කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

Continue Reading

ලක්ෂ 2 කට වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වෙලා

මේ වසර තුළ විදේශ රැකියා සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව පසුගිය 8 වනදා වන විට 241,000 ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. මේ වසර තුළ 330,000 ක පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉලක්කය වී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කරන්නේ. මෙරට වාර්ෂිකව විදේශ රැකියා සඳහා පිටත්වන පුද්ගලයින් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 280,000 ක් පමණ වන අතර වැඩිම …

Continue Reading

IMF සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික සමුළුව අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික සමුළුව අද (10) අමෙරිකාවේ වොෂින්ටන්හිදී ආරම්භවීමට නියමිතයි. ඒ අනුව අදාළ සමුළුව එළඹෙන 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 2022 වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නියෝජිත පිරිසක් අමෙරිකාවට ගොස් තිබෙනවා.

Continue Reading

COPA කමිටුවේ සභාපති ධූරය කබීර් හෂීම්ට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්වී තිබෙනවා. ඒ අනුව ඔහු ඒකමතිකව තේරී පත්වී ඇති බවයි පාර්ලිමේන්තුව සඳහන් කළේ.

Continue Reading

බලගතු රටවල් එක්ක සටන් කිරීම අපහසුයි – අලි සබ්රි

බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගත නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. එංගලන්තය, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එකතුවී අලුත් යෝජනා සම්මුතියක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඊයේ දිනය වන …

Continue Reading

සති අන්තයේ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සති අන්තයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එළඹෙන 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටස වසා තැබීමට නියමිතයි. මෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Continue Reading

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

ළමා දිනය දා මෙරට සත්වෝද්‍යානවලට වාර්තාගත ආදායමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ එක් දිනයක් තුළදී වාර්තා කළ වැඩිම ආදායම ඔක්තෝබර් 01 දිනට යෙදී තිබුනු ලෝක ළමා දිනයේදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව එම දිනයේදී ජාතික දෙහිවල සත්වෝද්‍යානය විසින් ලබා ඇති මුළු ආදායම රුපියල් 5,080,377 ක් බවයි සඳහන් වන්නේ. මීට සමගාමීව අනෙකුත් සියලුම සත්ත්ව උද්‍යානවලින්ද මෙතෙක් එක් දිනයකදී ලද වැඩිම ආදායම ලෝක ළමා දිනයේදී ලබාගැනීමට හැකි වූ බව …

Continue Reading

ආගමික ස්ථානවල විදුලිබිලට සහනාධාර ලබාදීමට විරුද්ධත්වයක් නැහැ – ජනක රත්නායක

ආගමික ස්ථානවල විදුලිබිල සඳහා සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ විරෝධතාවක් නොමැති බව එහි සභාපති ජනක රත්නායක පවසනවා. ඒ අනුව අදාළ සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ රජය විසින් බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. මෙතෙක් කාලයක් විදුලිබිල ගෙවීම සිදුක‍ළේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් බවත් එය දැරීමට සිදුවූයේ සාමාන්‍ය මහජනතාවට බවද ඔහු සඳහන් කළේ. මහජනතාවට තවදුරටත් එම බර ලබාදීමට නොහැකි …

Continue Reading

ලබන මාසයේ සිට යළිත් දිනකට පැය 10 ක විදුලි කප්පාදුවක්

ගල් අඟුරු තොගය සඳහා ඇනවුමක් ඉදිරිපත් නොකළ හොත් ඔක්තෝම්බර් මස 28 වනදා සිට යළිත් දිනකට පැය 8 සිට පැය 10 දක්වා විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, ඔක්තෝම්බර් 28 වනදා දක්වා ගල් අඟුරු සංචිත මේ වන විට ඇති බවත් 28 වනදායින් පසු ගල් අඟුරු නොමැති වුවහොත් බලාගාර තුනක් වසා …

Continue Reading