කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජනපති රනිල් වික්‍රමසිංහ එක්වී තිබෙනවා. ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන …

Continue Reading

සහල් ආනයනය කිරීම නැවැත්වීමට ඉදිරියේදී පියවර ගන්නවා

සහල් ආනයනය කිරීම නැවැත්වීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. සහල් මිල ඉහළයාමට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට තීන්දු කළ බවත් එම වැඩපිළිවෙල නිසා සහල් මේ වන විට පවතින මිලෙහි තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙළඳ අමාත්‍යංශය සාකච්ඡා කර සහල් ආනයනය අවශ්‍ය නොවනවානම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි අමාත්‍යවරයා …

Continue Reading

ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් බියක් ඇති කරගන්න එපා

රට තුළ බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරනවා. ඒ අනුව එහි සභාපති දීප්ති කුලරත්න සඳහන් කළේ, ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණයට වඩා ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වී නොමැති බවයි. එසේම ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා හඳුනාගත් ත්‍රිපෝෂ මවුවරුන් අතට පත් නොවූ බවත් ඒ හඳුනාගත් පසු ඉවත් කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් …

Continue Reading

සිසුන්ගෙන් 25% ක් ආහාර නොමැති නිසා පාසල් නොපැමිණෙන බවට අනාවරණයක්

ආහාර නොමැතිවීම හේතුවෙන් කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ සෑම පාසලකම ළමුන්ගෙන් 25% ක් දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පවසනවා. ඒ අනුව කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීවී ලියනගේ සඳහන් කරන්නේ දැනට මාස කිහිපයක සිට දරුවන්ගේ පාසල් පැමිණීමට සතුටුදායක මට්ටමක නොමැති බවයි. එම කොට්ඨාසයේ එක් පාසලක දෛනිකව 52% ක් 54% ක් පමණක් පාසල් පැමිණෙන බවත් දරුවන්ට උදෑසන ආහාරය නොමැති නිසා ඔවුන් …

Continue Reading

අලි සබ්රි අමෙරිකානු ජනපති හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට අවධානය

දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. බෞද්ධ කටයුතු කොමසාරිස්  වී ජයකොඩි සඳහන් කළේ, මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව විහාරස්ථානවල විදුලි බිල සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිර්දේශයක් ලබාදුන් පසු විදුලි බල මණ්ඩලය සහනදායිව විදුලිබිල නිර්මාණය වූ බවයි. විදුලිබිල ගෙවීමට අපහසු දුෂ්කර විහාරස්ථාන සම්බන්ධයෙන් ලේඛනයක් සකස් කරමින් පවතින බවත් එම විහාරස්ථාන සඳහා පෙර පරිදි සහනය …

Continue Reading

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සිකුරාදා ජාත්‍යන්තරයට

ශ්‍රී ලංකාව විසින් සකස් කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන එළඹෙන සිකුරාදා ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව එළඹෙන සිකුරාදා දින සිට ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන …

Continue Reading

උපුල් රෝහණට සෞඛ්‍ය විමර්ශන ඒකකයෙන් කැඳවීමක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණට සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකයෙන් කැඳවීමක් සිදුකර තිබෙනවා. ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා අඩංගුවී ඇති බවට ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, තමන් එම ප්‍රකාශය සිදු කළේ තහවුරු කර ගැනීමෙන් පසුව බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ …

Continue Reading

ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා අඩංගු වුණේ කළුතර ත්‍රිපෝෂවල – GMOA

කළුතර දිස්ත්‍රික්කයේ බෙදාහැරි ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා අඩංගුවී ඇති බවට හෙළිවීමත් සමඟ එම කාණ්ඩයට අදාළ තොග නැවත කැඳවීමක් සිදුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ, අදාළ ත්‍රිපෝෂ තොග බෙදා හරින අතරතුර කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේදී සිදු කළ පරික්ෂාවකදී සාම්පල කිහිපයක් ලබාගෙන ඉන් එකක …

Continue Reading

කාර්යාල ඇඳුම් පිළිබඳව නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අවධානය

රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේදී සුදුසු ගැලපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ. කාර්යාලවලට පැමිණීමේදී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය හෝ සුදුසු කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට මේ …

Continue Reading