සහල් ආනයනය කිරීම නැවැත්වීමට ඉදිරියේදී පියවර ගන්නවා

Spread the love

සහල් ආනයනය කිරීම නැවැත්වීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

සහල් මිල ඉහළයාමට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට තීන්දු කළ බවත් එම වැඩපිළිවෙල නිසා සහල් මේ වන විට පවතින මිලෙහි තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙළඳ අමාත්‍යංශය සාකච්ඡා කර සහල් ආනයනය අවශ්‍ය නොවනවානම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts