IMF ගිවිසුම සම්බන්ධයෙන් කතානායකගෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර නොමැති බව කතානායකවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. ඒ අනුව එකඟතාවකට පැමිණ ඇතත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ අනෙකුත් ණය දෙන රටවල් අනුමත කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාට දන්වා ඇති බවයි කතානායකවරයා සඳහන් කළේ. ගිවිසුම අවසන් කිරීමට පෙර යම් යම් …

Continue Reading

රජයේ මාසික වැටුප් ගෙවන්නවත් ආදායමක් ලැබෙන්නේ නෑ

මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා. රාජ්‍ය ආදායම මේ තරම් ප්‍රමාණයක් ඇන හිටීම හේතුවෙන් මේ වර්ෂයේ ගෙවිය යුතු විශාල ගෙවීම් තොගයක් මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Continue Reading

පුටින්ගේ නියෝගයක් සමඟ බොරතෙල් මිල 2% කින් ඉහළට

රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබෙනවා. අත්දැකීම් සහිත ස්වේච්ඡා භටයින් 300,000ක් නැවත හමුදා සේවයට කැඳවා හමුදා බලඇණි ශක්තිමත් කිරීමට තීරණය කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම තීරණයත් සමගම ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල 2% කින් ඉහළගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Continue Reading

අතුරුදන් සරසවි සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී පසුගිය 16 වැනි දින අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ මළ සිරුර මහවැලි ගං ඉවුරට ගොඩගසා තිබියදී හමුවී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 2කට ආසන්න දුරකින් පිහිටි ගන්නෝරුව ප්‍රදේශයට ආසන්නයෙන් මෙය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන ඇති …

Continue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩුවක්

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඔහුගේ දරුවන් තිදෙනෙකුට සහ ට්‍රම්ප් පදනමට එරෙහිව නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. ඔහු ව්‍යාපාර දියුණු කිරීම සඳහා අරමුදල් වංචා සහගත ලෙස භාවිත කළ බවට පවසමින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

Continue Reading

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කරන පිරිස් වෙත දැනුම්දීමක්

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් …

Continue Reading

පන්සල් ගැන ලොකුවට කතා කරන්නේ V8 වල යන හාමුදුරුවරු

විදුලි බිල සඳහා සහනාධාරයක් ලබාදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. සූර්ය පැනල ලබාදීම අඩු පොලියක් අය කරමින් සිදුකරන ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලෙසත්, එවිට සියලුදෙනාට ඒවා ලබාගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. පන්සල් සම්බන්ධයෙන් අද විශාල ලෙස කතා කරන්නේ V8 වාහනවල යන ස්වාමීන්වහන්සේලා බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

Continue Reading

ජනපති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවෙයි

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ (19) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා. එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් …

Continue Reading

මෙරට ආහාර අනාරක්ෂිතතාව පිළිබඳ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කෙරේ

ප්‍රාදේශීය වශයෙන් මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව මෙරට නිවාසවලින් 79% ක් පෝෂණය නොසලකා මිල අඩු ආහාර පරිභෝජනයට පෙළඹී ඇති බව සඳහන් වනවා. එසේම 49% ක් ගනු ලබන ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර 39% ක් ආහාර වේල් සංඛ්‍යාව අඩුකර තිබෙන අතර මෙරට ජනගහනයෙන් 37% ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවද …

Continue Reading

ඉන්දියාව සමඟ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹේ

ඉන්දියාව මෙරට බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡා සුහදශීලීව පැවත්වූ බවයි මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබෙන්නේ.

Continue Reading